රනිල් – සජිත්ව විපක්ෂනායක ධුරයට නම් කරයි

December 6, 2019

පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතාට විපක්‍ෂ නායක ධුරය ලබාදීමට එක්සත් ජාතික පක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබේ.

එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් විපත්‍ෂ නායක ධුරය සජිත් ප්‍රේමදාස මහතාට ලබා දෙන ලෙස ඉල්ලා අවස්ථා දෙකක දි කතානායක කරු ජයසුරිය මහතාගෙන් ඉල්ලිම් කරුනු ලැබිණ. ඒ අවස්ථාව වන විට මහ ලෙක්ම් අකිල විරාජ් කාරියවසම් මහතා විසින් විපක්ෂ නායක ධුරයට රනිල් වික්‍රමසිංහ මහතාගේ නම යෝජනා කතානායක වෙත ඉල්ලිම් කරු තිබු බැවින් මත බේදකාරි තත්වයක් ඇත විය.

අද දින පක්‍ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම සිරිකොත පක්‍ෂ මූලස්ථානයේ දී කැදවා තිබුනේ ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයකට එළඹීම සදහා වේ. ඒ අනුව අද පැවැති පාර්ලිමේන්තු කණ්ඩායම් හමුවේදි සජිත් ප්‍රේමදාස මහතා විපක්‍ෂනායක ධුරයට පත් කිරීමට ඒකමතිකව තීරණය කෙරුණි. එය එළඹෙන කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේ දී අනුමත කර ගැනීමට නියමිතයි.

කෙසේ වුවද එක්සත් ජාතික පක්‍ෂ නායකයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා, තවදුරටත් කටයුතු කරනු ඇත.

t

o

p