බ්‍රිතාන්‍යයේ සිටින 6 හැවිරිදි දරුවකුගෙන් අගමැතිට ලිපියක්

December 5, 2019

මෙරට සම්භවයක් සහිත බ්‍රිතාන්‍යයේ සිටින සය හැවිරිදි දරුවෙකු එවූ ලිපියක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිය ට්විටර් ගිණුමේ ප්‍රසිද්ධ කර තිබේ.

පරිසරය ආරක්ෂා කිරීමට ප්‍රමුඛතාව දිය හැකි දැයි, අබ්දුල්ලා අබූ බායිද් නමැති මෙම දරුවා අග්‍රාමාත්‍යවරයාගෙන් විමසා තිබේ.

ඔහු සිය ලිපියේ පවසා ඇත්තේ, අපගේ අනාගතය දැන් ඔබගේ දෑත් මත ඇති බවයි.

ශ්‍රී ලංකාවේ දැකුම්කළු වෙරළ හා සාගරය සුරක්ෂිත කිරීමේ ක්‍රමවේදයක් සකස් කරන්නැයි ඔහු අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටී.

t

o

p