එක්සත් ජාතික පාක්ෂිකයෝ අසරණව සිටියදී සජිත් රාත්‍රී භෝජන සංග්‍රහයක් පවත්වයි

December 4, 2019

නව ජනාධිපතිවරයෙකු පත්වී ආණ්ඩු මාරුවීමත් සමග එක්සත් ජාතික පාක්ෂිකයෝ අසරණව සිටියදී සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු කණ්ඩායම රාත්‍රී භෝජන සංග්‍රහ පවත්වමින් විනෝද වෙමින් සිටියි.

පරාජයත් සමග ගොළු බෙල්ලා කටුව තුලට වී සැග‌ෙවෙන්නාසේ සැගව සිටි සජිත් ප්‍රේමදාස මහතා මේ වන විට රාත්‍රී භෝජන සංග්‍රහවලට සහභාගී වෙමින් සිටියි කඩා වැටුනු ඔහුගේ මානසිකත්වය යථා තත්ත්වයට පත් කර ගැනීම වෙනුවෙන් යයි කියමින් මෙලෙස රාත්‍රී භෝ ජන සංග්‍රවලට කැදවමින් සිටියි.

මලින්ම රාත්‍රී භෝජන සංග්‍රහය පැවැත්වුවේ හරින් ප්‍රනාන්දු මහතාගේ නිව‌ෙසේය. ඉන් පසුව මීට දින කිහිපයකට පෙර රංජිත් මද්දුමබණ්ඩාරගේ නිව‌ෙසේ මෙලෙසම රාත්‍රී භෝජන සංග්‍රහය පැවැත්විනි.

අද (04) රාත්‍රී නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය‌ෙගේ නිව‌ෙසේද රාත්‍රී භෝජන සංග්‍රහයක් සුදානම් කර තිබේ.

පාක්ෂිකයා අසරණ ව සිටියදි දේශපාලන පළිගැනිම් මත රැකියා අහිමිව සිටියදි රහස් පොලිසියේ නිලධාරින් අසරණව සිටියදි මොවුන් මෙලෙස බාල් නැටිම ගැටලුවක් බවද පක්ෂ ජේෂ්ඨයෝ පවසයි.


t

o

p