Local News

ඔස්ට්‍රේලියානු ජාතිකයෙකු දෙවන මහලින් පහළට ඇද වැටී මරුට

සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණ මහනුවර හීරැස්සගල ප්‍රදේශයේ  පිහිටි හෝටලයක නවාතැන් ගෙන සිටි ඔස්ට්‍රේලියානු ජාතිකයෙකු එහි දෙවන මහලින් පහළට ඇද වැටී මරණයට පත්ව ඇත.හෝටලයේ ඉහළ මහලින් පහළට ඇද වැටී ඇති ඔහු මහනුවර ශික්ෂණ රෝහලට ඇතුලත් කිරීමේදී  මරණයට පත්ව ඇත. මෙලෙස මරණයට පත්ව ඇත්තේ පීටර් කෙනත් නැමති හැත්තෑ හැවිරිදි පුද්ගලයෙකි.සිද්ධිය සම්බන්ධයෙන් මහනුවර පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වති.

ගාලු කොටු පවුරේ පැරණි තැපැල් කාර්යාලය කඩා වැටේ

ලෝක උරුමයක් ලෙස නම්කර තිබෙන ගාල්ල ඓතිහාසික කොටු පවුරේ පිහිටි පැරණි තැපැල් කාර්යාලය සම්පූර්ණයෙන්ම පාහේ කඩා වැවී තිබේ. මේ හේතුවෙන් තැපැල් කාර්යාලය ඉදිරිපස මාර්ගයද පොලීසිය විසින් තාවකාලිකව වසා දමා ඇත. මෙම ගොඩනැගිල්ලේ වහලයේ කොටසක් 2018 දෙසැම්බර් 11 දින සවස 5.45 ට පමණ කඩා වැටී තිබුණ අතර එහි සුන්බුන් වලට යටවී ඒ අසල නවතා තිබූ ත්‍රීරෝද Read More

රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රීධුරයේ පුරප්පාඩුව මැතිවරණ කොමිෂන් සභාවට දැනුම් දෙයි

රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු රංජිත් ද සොයිසා මහතාගේ අභාවය හේතුවෙන් අටවන පාර්ලිමෙන්තුවේ මන්ත්‍රීධූරයක පුරප්පාඩුවක් ඇතිවී තිබෙන බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා මැතිවරණ කොමිෂන් සභාවට ලිඛිතව දන්වා තිබේ. 1981 අංක 01 දරණ පාර්ලිමේන්තු පනතේ 64 (1) වගන්තිය ප්‍රකාරව මෙම දැනුම්දීම සිදු කරන බව පාර්ලිමේන්තු මහලේකම්වරයා මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා වෙත දැනුම් Read More

නම යොදා ගනිමින් ආයෝජන කළාපය තුළ වැරදි වැඩ සිදු කරන පුද්ගලයන්ට එරෙහිව නිත්‍යානුකූල පියවර

සිය නම පාවිච්චි කරමින් නිදහස් වෙළද කළාප තුළ කිසිදු වැරදි වැඩක් සිදුවීමට ඉඩනොතබන්නයි කාර්මික අපනයන ආයෝජන ප්‍රවර්ධන සංචාරක සිවිල් ගුවන්සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අයෝජන මණ්ඩල ඉහල කළමණාකාරීත්වයට උපදෙස් දෙයි. එවැනි සිදුවීම් ඇත්නම් සෘජුව තමන්ට දැනුම්දෙන ලෙස ඉල්ලා සිටි රණතුංග මහතා සිය නම යොදා ගනිමින් ආයෝජන කළාපයතුළ වැරදි වැඩ සිදු කරන පුද්ගලයන්ට එරෙහිව නිත්‍යානුකූල පියවර Read More

ලොව හොදම ස්ථාන 20 අතර පළමු ස්ථානය ශ්‍රී ලංකාවට

එළඹෙන සීත සෘතුවේදී උණුසුම් කාලගුණයක් සහිත පරිසරයක නිවාඩුවක් ගත කිරීම සඳහා තෝරා ගත යුතු ලොව හොදම ස්ථාන 20 අතර පළමු ස්ථානය ලෙස ශ්‍රී ලංකාව ලෙස නම් කර තිබේ. ඉකුත් පාස්කු ප්‍රහාරයෙන් පසුවද සංචාරය සඳහා ලොව හොදම රටක් ලෙස usatoday.com වෙබ් අඩවිය ශ්‍රී ලංකාව නම් කිරීම මගින් මෙරට ආරක්ෂාව තහවුරු වී ඇති බවට වන පණිවිඩය ලොවට Read More

නිල නිවාස හා නිල වාහන භාර නොදුන් හිටපු ඇමතිවරුන්ට නීතිමය පියවර

මෙතෙක් නිල නිවාස හා නිල වාහන භාර නොදුන් පසුගිය රජයේ කැබිනට් හා රාජ්‍ය අමාත්‍යවරුන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසයි. මෙතෙක් පසුගිය රජයේ අමාත්‍යවරුන්ගේ තම නිල නිවාස හා නිල වාහන භාර දී ඇත්තේ පාඨලී චම්පික රණවක මහතා පමණක් බව ද ලේකම්වරයා පැවසීය. හිටපු අමාත්‍යවරුන් විසින් Read More

ලෝක විවාහක රූ රැජිණ කිරුළ ශ්‍රී ලංකාවට

ශ්‍රී ලාංකීය විවාහක රූ රැජිණ ලෙසින් කිරුළ දිනාගත් කැරොලින් ජූරි, 2020 වසරේ ලෝක විවාහක රූ රැජිණ ලෙස මීට ස්වල්ප වේලාවකට පෙර ලාස්වේගාස්හිදී කිරුළ දිනාගත්තාය.   1984 දී ලෝක විවාහක රූ රැජිණ ලෙසින් කිරැළ දිනාගත් රෝසි සේනානායකට පසුව ශ්‍රී ලාංකික කාන්තාවක් ලෝක විවාහක රූ රැජිණ වූ පළමු අවස්ථාව මෙයයි. ලෝකයේ විවිධ රටවල තරග කාරියන් 51 දෙනකු අතුරින් ඇය Read More

බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු වරදකරු වෙයි

බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතා ලන්ඩනයේ වෙස්ට්මිනිස්ටර් මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ වරදකරු බවට තීන්දු කර තිබේ. 2018 වසරේ පෙබරවාරි 04 වැනිදා පැවැති 70 වැනි නිදහස් සමරු උළෙලට විරෝධය පෑ උද්ඝෝෂකයාන්ට අතින් සංඥාකරමින් තර්ජනය කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් එවකට එම මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශකවරයා ලෙස සේවය කළ බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතාට එරෙහිව ගොනු කරන ලද නඩුවේ අවසන් තීන්දුව Read More

සියලුම රාජ්‍ය ආයතන වල ලබන වසර සඳහා දිනපොත් හා කැලැන්ඩර් මුද්‍රණය නොකෙරේ

ඒකාබද්ධ අරමුදලේ හෝ වෙනත් කිසිදු ව්‍යවස්ථාපිත අරමුදලක මුදල් උපයෝගී කරගනිමින් ලබන වසර සඳහා දිනපොත් හා කැලැන්ඩර් මුද්‍රණය නොකරන ලෙස රජය සියලුම රාජ්‍ය ආයතන ප්‍රධානීන්ට දැනුම් දී ඇත. ජනතාවට මෑතකාලීනව දුන් බදු සහන හමුවේ අත්‍යවශ්‍ය නොවන සහ ප්‍රමුඛතාවයෙන් අඩු වියදම් කපාහරින ලෙසටද එමගින් දැනුම් දී තිඛෙනවා. වාහන  ගමන් බිමන් ගොඩනැගිලි පහසුකම් වැනි දෑ ඊට යටත්වනු ඇති.

දුම්රිය පාලන කටයුතු සඳහා GPS තාක්ෂණය

දුම්රිය පාලන කටයුතු සඳහා GPS තාක්ෂණය යොදාගැනීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිඛෙනවා. එහි සමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතා සඳහන් කලේ ව්‍යපෘතියේ පළමු අදියර යටතේ මේ වන විට දුම්රිය 20 කට GPS උපාංග සවිකර ඇති බවයි. එමගින් දුම්රිය ධාවන වේලාවන් සහ ප්‍රමාද වේලාවන් මගීන් වෙත පහසුවෙන් දැනුම් දීමට හැකිවීම විශේෂත්වයක්.

t

o

p