ඔස්ට්‍රේලියානු ජාතිකයෙකු දෙවන මහලින් පහළට ඇද වැටී මරුට

December 9, 2019

සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණ මහනුවර හීරැස්සගල ප්‍රදේශයේ  පිහිටි හෝටලයක නවාතැන් ගෙන සිටි ඔස්ට්‍රේලියානු ජාතිකයෙකු එහි දෙවන මහලින් පහළට ඇද වැටී මරණයට පත්ව ඇත.
හෝටලයේ ඉහළ මහලින් පහළට ඇද වැටී ඇති ඔහු මහනුවර ශික්ෂණ රෝහලට ඇතුලත් කිරීමේදී  මරණයට පත්ව ඇත.

මෙලෙස මරණයට පත්ව ඇත්තේ පීටර් කෙනත් නැමති හැත්තෑ හැවිරිදි පුද්ගලයෙකි.
සිද්ධිය සම්බන්ධයෙන් මහනුවර පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වති.

t

o

p