ගාලු කොටු පවුරේ පැරණි තැපැල් කාර්යාලය කඩා වැටේ

December 9, 2019

ලෝක උරුමයක් ලෙස නම්කර තිබෙන ගාල්ල ඓතිහාසික කොටු පවුරේ පිහිටි පැරණි තැපැල් කාර්යාලය සම්පූර්ණයෙන්ම පාහේ කඩා වැවී තිබේ.

මේ හේතුවෙන් තැපැල් කාර්යාලය ඉදිරිපස මාර්ගයද පොලීසිය විසින් තාවකාලිකව වසා දමා ඇත.

මෙම ගොඩනැගිල්ලේ වහලයේ කොටසක් 2018 දෙසැම්බර් 11 දින සවස 5.45 ට පමණ කඩා වැටී තිබුණ අතර එහි සුන්බුන් වලට යටවී ඒ අසල නවතා තිබූ ත්‍රීරෝද රථයකටද දැඩි අලාභානි සිදු විය. ඒ වන විට මෙම ගොඩනැගිල්ලේ කොටසක් දකුණු පළාතේ ප්‍රධාන නිලධාරීවරයෙකුගේ නිල නිවසක් ලෙසද පවත්වාගෙන යමින් තිබුණි.

t

o

p