කිරිපිටි මිල අඩු කෙරේ

December 9, 2019

කිරිපිටි සඳහා පනවා ඇති මිල සූත‍්‍රයට අනුව ආනයනික කිරිපිටි මිල අද (09) සිට අඩුවන බව  පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.

ඒ අනුව කිලෝ ග‍්‍රෑම් 01 ක බරකින් යුත් කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 40 කින් අඩුවන අතර  ග‍්‍රෑම් 400 ක බරකින් යුත් කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 15 කින් අඩු වේ. බදු සංශෝධනයත් සමග ජනතාවට මෙම සහනය හිමිවන බවයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පැවසුවේ.

ආණ්ඩුව ලබාදුන් බදු සහන සමග පාරිභෝගික අධිකාරිය සහ කිරිපිටි සමාගම් ඉකුත් දා සාකච්ඡාවක ද නිරත වි තිබේ. එහිදී ඇතිවූ එකඟතාවයකට අනුව මෙලෙස කිරිපිටි මිල අඩුකිරීමට තීරණය කර ඇති බවත්  වෙළඳපලේ දැනට ඇති කිරිපිටි පැකට්ටුවල සඳහන් මිල වෙනුවට සංශෝධිත මිල සටහන් කිරීම ඉකුත් දින 02 තුළ කිරිපිටි සමාගම් විසින් සිදුකරන බවට දැනුම් දුන්නේ යැයිද පාරිභෝගික අධිකාරිය වැඩිදුරටත් සඳහන් කර සිටියි.

t

o

p