සම්ප්‍රදාය බිඳ දැමු නත්තල් ගස

December 9, 2019

ඉතාලියේ මිලානෝ නගරයේ සුප්‍රකට ඩූමෝ දෙව්මැදුර ඉදිරිපිට සුවිශේෂී නත්තල් ගසක් ඉදිකර තිබේ.

කේතු හැඩයට වානේ වලින් ඉදිකර ඇති එම නත්තල් ගස මීටර් 37ක උසකින් යුක්තයි.

විදුලි බුබුළු අසූ එක්දහස් හාරසිය හතළිස් අටක් යොදාගනිමින් නත්තල් ගස ආලෝකමත් කර තිබේ.

පුනර්ජනනීය බලශක්තිය යොදාගනිමින් නත්තල් ගස ආලෝකමත් කර තිබීම එහි ඇති විශේෂත්වයයි.

නත්තල් ගස ආලෝකමත් කිරීමේ උත්සවය පුද්ගලයන් දහස් ගණනකගේ සහභාගිත්වයෙන් පසුගියදා සිදුකෙරුණා.

ලබන වර්ෂයේ ජනවාරි 6වනදා තෙක් එය දැකබලා ගැනීමට ජනතාවට අවස්ථාව උදාවනු ඇති.

t

o

p