රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රීධුරයේ පුරප්පාඩුව මැතිවරණ කොමිෂන් සභාවට දැනුම් දෙයි

December 8, 2019

රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු රංජිත් ද සොයිසා මහතාගේ අභාවය හේතුවෙන් අටවන පාර්ලිමෙන්තුවේ මන්ත්‍රීධූරයක පුරප්පාඩුවක් ඇතිවී තිබෙන බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා මැතිවරණ කොමිෂන් සභාවට ලිඛිතව දන්වා තිබේ.

1981 අංක 01 දරණ පාර්ලිමේන්තු පනතේ 64 (1) වගන්තිය ප්‍රකාරව මෙම දැනුම්දීම සිදු කරන බව පාර්ලිමේන්තු මහලේකම්වරයා මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා වෙත දැනුම් දුන්නේය.

පාර්ලිමේන්තු පනතට අනුව  මැතිවරණ කොමිෂන් සභාව විසින් රත්නපුර දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරිවරයාගෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මනාප ලැයිස්තුවේ මීලඟට සිටින අපේක්ෂකයා පිළිබඳ තොරතුරු ලබා ගනු ඇත. ඉන්පසුව එම නම ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව කටයුතු කරනු ඇත.

t

o

p