නම යොදා ගනිමින් ආයෝජන කළාපය තුළ වැරදි වැඩ සිදු කරන පුද්ගලයන්ට එරෙහිව නිත්‍යානුකූල පියවර

December 8, 2019

සිය නම පාවිච්චි කරමින් නිදහස් වෙළද කළාප තුළ කිසිදු වැරදි වැඩක් සිදුවීමට ඉඩනොතබන්නයි කාර්මික අපනයන ආයෝජන ප්‍රවර්ධන සංචාරක සිවිල් ගුවන්සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අයෝජන මණ්ඩල ඉහල කළමණාකාරීත්වයට උපදෙස් දෙයි.

එවැනි සිදුවීම් ඇත්නම් සෘජුව තමන්ට දැනුම්දෙන ලෙස ඉල්ලා සිටි රණතුංග මහතා සිය නම යොදා ගනිමින් ආයෝජන කළාපයතුළ වැරදි වැඩ සිදු කරන පුද්ගලයන්ට එරෙහිව නිත්‍යානුකූල පියවර ගන්නා  බවද අවධාරණය කළේය.

ආයෝජන මණ්ඩල වල අධ්‍යක්ෂකවරුන් සමග අමාත්‍යංශයේදී පැවති සාකච්ඡාවකදී රණතුංග මහතා මේ බව සදහන් කළේය.

මෙහීදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමතිවරයා පෙන්වා දුන්නේ මෙරට ආයෝජන සදහා පැමිණේන ආයෝජකයන්ට ප්‍රමාදයකින්තොරව සිය කටයුතු සිදු කර ගැනීමට අවකාශය සැලසිය යුතු බවයි. එවැනි පැමිණිලි ගනනාවක් තමන්ට ලැබුණු බවත් ඒ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් ඉදිරියේදී සිදු කිරීමට අපෙක්ෂා කරණ බවත් ඇමතිවරයා මෙහිදී කියා සිටියේය.

ඇතැම් අයෝජකයන් ව්‍යාපෘති ආරම්භකිරීමට අනුමැතිය ලබා ගෙන ඉඩම් වෙන් කරගෙන වසර ගනනාවක් ගතව ඇතත් මෙතෙක් එම ව්‍යාපෘති ආරම්භ කර නොමැති බවටද තොරතුරු තමන් වෙත වරතා වී ඇතැයි ඇමතිවරයා මෙහිදී කියා සිටියේය.

ඔහු අවධාරණය කළේ එවැනි ආයෝජකයන්ගේ බල පත්‍ර අහෝසි කර එම ඉඩම් ඵලදායි ව්‍යාපෘති සදහා යෙදවිය යුතු බවයි. එවැනි ව්‍යාපෘති වල වාර්තාවක් කඩිනමින්  ලබා දෙන්නයි ද ඇමතිවරයා මෙහිදී අයෝජන මණ්ඩල අධ්‍යක්ෂක ජෙනරාල්වරියට නියෝග කළේය.

නිදහස් වෙළද කළාප ආශිත පොදු පහසුකම් නංවාදීමේ අවශ්‍යතාව පෙන්වා දුන් ඇමතිවරයා ආයෝජන මණ්ඩලයට ඒ පිළිබදව සොයා බැලීමේ වගකීමක් ඇති බවද කීවේය. නිදහස් වෙළද කළාප වල සේවක සේවිකාවන් 1,37,000 කට අධික පිරිසක්  සේවය කරති. අයෝජන මණ්ඩලය යටතේ දිවයින පුරා ඇති කර්මාන්ත ශාලා වල සේවය කරන සේවක පිරිස ලක්ෂ 05කට අධිකය.

එම කර්මාන්ත ශාලා වල සේවය කරන සේවක සේවිකාවන්ගේ සේවක සුභසාධනය, ආරක්ෂාව, යටිතල පහසුකම් පිළිබදව සැලකිලිමත් වන ලෙසත් එම අඩුපාඩු සොයා බලා හ්වා විසදන ක්‍රමවේදයන් සකසන ලෙසත් ඇමතිවරයා ආයෝජන මණ්ඩල බලධාරීයන්ට උපදෙස් දුන්නේය.

මෙහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂක ජෙනරාල් චම්පිකා මලල්ගොඩ මහත්මිය කීවේ පසුගිය රජයේ පැවති බදු ප්‍රතිපත්ති  වල විවිධ ගැටළු සහගත තත්වයන් හේතුවෙන් විදෙස් ආයෝජකයන් මෙරට ආයෝජනය කිරීමට මැලිකමක් දැක්වූ බවයි. අයෝජකයන් සැම විටම රටේ දේශපාලන ස්ථාවරතාවය හා ආරක්ෂාව පිළිබදව වැඩි සැලකිල්ලක් දක්වන බවද ඇය කීවාය.

ඇමතිවරයා මෙහිදී පෙන්වා දුන්නේ නව රජය යටතේ මෙරට අරක්ෂාව තහවුරු වී ඇති බවයි. රජයේ බදු ප්‍රතිපත්ති ද මේ වන විට රටට හිතකර ලෙස සකස්වෙමින් තිබෙන බව ඇමතිවරයා පෙන්වා දුන්නේය. ආණ්ඩුව යටතේ තිබුනේ මියයමින් තිබූ රටක් බවත් වත්මන් ජනාධිපතිවරවා හා ආණ්ඩුව යටතේ රටට නැවත ජීවය ලැබී ඇකි බවත් පෙන්වා දුන් ප්‍රසන්න රණතුංග මහතා මෙරටට පැමිණේන ආයෝජකයන්ගේ ඉහල වර්ධනයක් ඉදිරියේදී සිදුවුනු ඇතැයිද විශ්වාසය පල කළේය.  

t

o

p