ලැව්ගිනි සිඩ්නි නුවර සමීපයට

December 8, 2019

ලැව්ගිනි හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ වනාන්තර රැසක් මේ වනවිට දැවී විනාශ වී ඇත.

වනාන්තර දවා හලුකරමින් සිඩ්නි නුවර වෙත පැතිර ගිය ලැව්ගින්න හේතුවෙන් නගරය දුම්වලාවකින් වැසී ගොස් ඇති බවටද වාර්තා වී තිබුණි.

සිඩ්නි නුවර සිට කිලෝමීටර් 60ක් තරම් සමීපයේ ඇවිලී යන මහා පරිමාණ ලැව්ගින්න පාලනය කිරීමට නොහැකි බව ඔස්ට්‍රේලියානු බලධාරීන් පවසයි.

අහිතකර වායු සාගරය හරහා, සිඩ්නි සිටි කිලෝමීටර් 2 000ක් එපිටින් පිහිටි නවසීලන්තය වෙත පවා පැතිර ගොස් ඇති බවටද විදෙස් පුවත් වැඩිදුරටත් වාර්තා කරයි.

t

o

p