Local News

ජූලි මාසයේ ICC ක්‍රීඩිකාව අපේ චමරි

ජූලි මාසයේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ක්‍රීඩිකාව ලෙස ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු තෝරාගත් බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කරයි. පසුගිය මාසයේදී ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පළමු වරට ආසියානු කුසලානය ජයගත් අතර ඒ සඳහා චමරි ගෙන් විශාල දායකත්වයක් ලැබුණි. 34 හැවිරිදි වියේ පසුවන චමරි මෙම සම්මානය දිනාගත් තුන්වැනි අවස්ථාව මෙයයි.

15 වැනිදා රාජගිරියේ ක්‍රියාත්මක රථවාහන සැලැස්ම

2024 ජනාධිපතිවරණය නාමයෝජනා භාර ගැනීමේ කටයුතු සිදු කරනු ලබන එළඹෙන අගෝස්තු 15වැනිදා උදෑසන 08.00 සිට පස්වරු 02.00 දක්වා විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට පොලිසිය කටයුතු කර තිබේ. ඒ අනුව, ශ්‍රී ජයවර්ධනපුර මාර්ගය ආයුර්වේද හංදියේ සිට වැලිකඩ දක්වා (කොළඹින් පිටිවීම) කොටස වසා තැබේ. එම නිසා, පහත සදහන් මාර්ග වල බස් රථ පහත පරිදි ගමනාන්තය දක්වා ගමන් Read More

පළමු මාස 07 තුළ විදෙස් ප්‍රේෂණ ඉහළට

2024 ජූලි මාසයේදී විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ඩොලර් මිලියන 566.8ක් ශ්‍රී ලංකාවට ලැබී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. ඒ අනුව, 2024 වසරේ ජනවාරි-ජූලි කාලපරිච්ඡේදය තුළ දී ඩොලර් බිලියන 3.71ක් මෙරටට ලැබී ඇත. එය පසුගිය වසරේ එම කාලයට සාපේක්ෂව 10.3%ක වර්ධනයක් බව ද ශ්‍රී ලංකා මහ බැංකුව සදහන් කරයි.

වතු කම්කරු අවම වැටුප රුපියල් 1700ක් දක්වා ඉහළට

වතු සේවකයින්ගේ දෛනික වැටුප ලෙස රුපියල් 1,700ක් ලබාදීමේ තීරණය අද (12) පඩි පාලක සභාවේ දී සම්මත වී තිබේ. ඒ, ඡන්ද විමසීමකින් අනතුරුවයි. ජල සම්පාදන හා වැවිලි යටිතල පහසුකම් අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පැවසුවේ, වැටුප් වැඩි කිරීමට පක්ෂව 14 දෙනෙකු ඡන්දය ප්‍රකාශ කර ඇති අතර, වතු සමාගම් තුනක් ඊට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කර ඇති බවයි. ඒ අනුව Read More

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට සුපිරි ජයක්

සංචාරක ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ අයර්ලන්ත කාන්තා කණ්ඩායම අතර තරග දෙකකින් සමන්විත 20-20 ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයෙන් කඩුලු 7ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දු රැකීමට තීරණය කළ අතර පළමුව පන්දුවට පහර දීමට පිටියට පිවිසි අයර්ලන්ත කාන්තා කණ්ඩායම පන්දුවාර සියල්ල අවසානයේ කඩුලු 6ක් Read More

මෙරට ඩෙංගු රෝගීන් ගණන 34,000 ඉක්මවයි

2024 වසරේ මේ දක්වා ගත වූ කාලය තුළ මෙරටින් වාර්තා වන ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 34,000සේ සීමාව ඉක්මවා ගොස් තිබේ. ඩෙංගු රෝගීන් 34,053 දෙනෙකු වාර්තා වී ඇති අතර ඉන් වැඩිම පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් 8201ක් වාර්තා වී ඇති බවයි සෞඛ්‍ය අංශ පවසයි. දිවයිනේ පළාත් වශයෙන් සලකා බැලීමේ දී වැඩිම පිරිසක් වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙන් වන අතර Read More

වතු කම්කරු වැටුප ගැන අවසන් තීරණය අද

වතු කම්කරුවන්ට දිනකට රුපියල් 1700ක වැටුපක් ලබාදීමට රජය ගත් තීරණය සමඟ දැනට වතු සමාගම් 07ක් එකඟතාව පළකර තිබෙන බවත් වත්මන් කම්කරු අමාත්‍යවරයා ලෙස අද (12) පඩි පාලක සභාව කැඳවා ඒ පිළිබඳ වැඩිදුර සාකච්ඡා කරන බවත් එම තීරණය ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් අවශ්‍ය නම් විශේෂ නීති ගෙන ඒමට ද තමන් සූදානම් බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැව­ැසීය. Read More

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් අනතුරු ඇඟවීමක්

දේශීය ආදායම් නිලධාරින් ‍ලෙස පෙනී සිටිමින් ඇතැම් පුද්ගල කණ්ඩායමක් ව්‍යාපාරිකයින් වෙත ගොස් මුදල් රැස්කරන බවට වාර්තා වී ඇති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි. එලෙස මුදල් එකතු කිරීමට පැමිණෙන පුද්ගලයින්ට මුදල් දීමෙන් වළකින ලෙස දේශීය ආදායම් දෙපාර්තමේන්තුව දැනුම්දෙයි. එවැනි පුද්ගලයින් නීතියේ රැහැනට හසුකර ගැනීම සඳහා අදාළ සිද්ධීන් පිළිබඳව නීතිමය පියවර ගන්නා ලෙස දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් Read More

ජනාධිපතිවරණය සඳහා විදෙස් නිරීක්ෂණයට අවසර

එළඹෙන ජනාධිපතිවරණය සඳහා නිරීක්ෂණ කටයුතු වෙනුවෙන් යුරෝපා සංගමයේ සහ පොදු රාජ්‍ය මණ්ඩලයීය නිරීක්ෂකයන්ට අවසර ලබා දී තිබේ. මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මේ බව සඳහන් කළේය. මේ අතර 2024 ජනාධිපතිවරණය වෙනුවෙන් මේ දක්වා ඇප මුදල් තැන්පත් කර ඇති සංඛ්‍යාව 29ක් දක්වා ඉහළ ගොස් තිබේ.

IMF තෙවැනි වාරිකය ලබන වසරේ මුල් කාර්තුවේදී ලැබේවි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් මෙරටට දෙන විස්තීර්ණ අරමුදල් පහසුකමේ තෙවැනි වාරිකය ලබන වසරේ (2025) මුල් කාර්තුවේදී ලැබීමට නියමිත බව රජයේ ආරංචි මාර්ග සඳහන් කළේ ය. තෙවැනි වාරිකය දීමට අදාළව ජනාධිපතිවරණයෙන් පසුව සමාලෝචනය කිරීමට නියමිත බව මුදල් රාජ්‍ය ඇමැති ෂෙහාන් සේමසිංහ පැවැසීය. කෙසේ නමුත් තෙවැනි වාරිකය ලැබීමට නියමිත කාලය ප්‍රකාශ කිරීමට සිදුවන්නේ එම සමාලෝචනයෙන් අනතුරුව බවද Read More

t

o

p