වතු කම්කරු වැටුප ගැන අවසන් තීරණය අද

August 12, 2024

වතු කම්කරුවන්ට දිනකට රුපියල් 1700ක වැටුපක් ලබාදීමට රජය ගත් තීරණය සමඟ දැනට වතු සමාගම් 07ක් එකඟතාව පළකර තිබෙන බවත් වත්මන් කම්කරු අමාත්‍යවරයා ලෙස අද (12) පඩි පාලක සභාව කැඳවා ඒ පිළිබඳ වැඩිදුර සාකච්ඡා කරන බවත් එම තීරණය ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් අවශ්‍ය නම් විශේෂ නීති ගෙන ඒමට ද තමන් සූදානම් බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැව­ැසීය.

වතු කම්කරුවන්ට හිමි වසර ගණනාවක් ගෙවීම් අතපසු කර ඇති සේවක අර්ථසාධක අරමුදල් ද ලබන වසරේ සිට ගෙවීමට කටයුතු කරන බව ද ජනාධිපතිවරයා පැවසීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ ලංකා කම්කරු කොංග්‍රසය මඟින් පෙරේදා (10) මහනුවර කරළිය සම්මේලන හා රංග කලා මධ්‍යස්ථානයේ සංවිධානය කර තිබූ මහනුවර දිස්ත්‍රික් වතු කම්කරු වෘත්තීය සමිති හා තරුණ නායක හමුවට එක් වෙමිනි.

මෙහිදී කඳුකර දෙමළ ජනතාවගේ ප්‍රශ්න ඍජුව ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කිරීම ද සිදු වූ අතර ජනාධිපතිවරයා ඊට සාධනීය පිළිතුරු ලබා දෙනු ලැබීය.

t

o

p