Local News

දිස්ත්‍රික්ක තුනකට නායයාමේ අනතුරු ඇඟවීම්

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක තුනක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස හතකට නායයාමේ පුර්ව අනතුරු ඇඟවීමේ නිවේදන නිතුක් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබේ. ඒ අනුව ගාල්ල දිස්ත්‍රික්කයේ නෙළුව, ඇල්පිටිය, ⁠නාගොඩ, ⁠යක්කලමුල්ල යන ප්‍රදේශ සඳහාත් කළුතර දිස්ත්‍රික්කයේ හොරණ, ⁠මතුගම මෙන්ම මාතර දිස්ත්‍රික්කයේ පිටබැද්දර යන ප්‍රදේශ සඳහාත් මේ අනුව නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.

‘පුළුවන් ශ්‍රී ලංකා’ දේශපාලන පක්ෂයක් නිර්මාණය කිරීම වෙනුවෙන් නොව,රටේත්, ජනතාවගේත් අනාගතය ගොඩනැඟීමට

දේශපාලන පක්ෂ සහ සන්ධාන 34කින් සමන්විත ‘පුළුවන් ශ්‍රී ලංකා සම්මුතියට’ අත්සන් තබනු ලැබූයේ දේශපාලන පක්ෂයක් නිර්මාණය කිරීම වෙනුවෙන් නොව, සියලු දෙනා එක් කරගනිමින් රටේත්, ජනතාවගේත් අනාගතය ගොඩනැඟීම වෙනුවෙන් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ඔහු මේ බව සඳහන් කර සිටියේ ‘පුළුවන් ශ්‍රී ලංකා සම්මුතිය’ අත්සන් තැබීම වෙනුවෙන් බත්තරමුල්ල වෝටස් එජ් හෝටලයේ පැවැති උත්සවයට ඊයේ (16) Read More

පවතින වැසි තත්ත්වය තවදුරටත්

ශ්‍රී ලංකාව ආසන්න පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන්, දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වය අද දිනයේදී තවදුරටත් අපේක්ෂා කෙරේ. බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල, මාතර සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවලට මි.මී. 100 ට වැඩි Read More

විශ්මි ගුණරත්නගෙන් කාන්තා ක්‍රිකට් පිටියේ වාර්තාවක්

සංචාරක ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ අයර්ලන්ත කාන්තා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු එක්දින තරගයේ දී ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම වෙනුවෙන් විශ්මි ගුණරත්න විශිෂ්ට පිතිකරණයක නිරත විය. ඒ අනුව මේ වන විට තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම වෙනුවෙන් විශ්මි ගුණරත්න ශතකයක් රැස් කිරීමට සමත් විය. චමරි අතපත්තුගෙන් පසු මෙරට ක්‍රීඩිකාවක් රැස් කළ Read More

විදෙස් සංචාරකයින් ලක්ෂ 12 ඉක්මවයි

2024 වසරේ මේ දක්වා කාලය තුළ සංචාරකයින් 1,271,432 දෙනෙකු දිවයිනට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. ඉන් වැඩි දෙනෙකු ඉන්දීය සංචාරකයින් වන අතර එම සංඛ්‍යාව 237,649ක්. එමෙන්ම රුසියාව, බ්‍රිතාන්‍ය, ජර්මනිය, චීනය සහ ප්‍රංශය ඇතුළු රටවලින් ද වැඩි වශයෙන් සංචාරකයින් දිවයිනට පැමිණ තිබේ. අගෝස්තු මුල් දින 11 තුළ සංචාරකයින් 73,373 දෙනෙකු දිවයිනට පැමිණ Read More

ජපානය දුම්රිය සහ ගුවන් සේවා අවලංගු කරයි

බටහිර පැසිෆික් සාගරයේ ඇම්පිල් සුළි කුණාටුව ශක්තිමත් වීමත් සමඟ ජපාන දුම්රිය සහ ගුවන් සේවා අවලංගු කරමින් සිටින බව වාර්තා වනවා. ඒ ඇම්පිල් සුළි කුණාටුව සිකුරාදා උදැසනම විශාල බලපෑමක් කරනු ඇතැයි යන අනතුරු ඇඟවීම මධ්‍යයේයි. ජපාන සුළි කුණාටු අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානයේ නවතම උපදේශනයට අනුව, ඇම්පිල් සුළි කුණාටුව පැයට කිලෝමීටර 140 සුළං සහිතව අත්ලාන්තික් ද්‍රෝණිය හරහා ළඟවීමට Read More

ජනපති ගෑස් සිලින්ඩරය ලකුණින් ජනපතිවරණ සටනට

මෙවර ජනාධිපතිවරණයේ ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වී සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඡන්ද ලකුණ ලෙස “ගෑස් සිලින්ඩරය” ලකුණ ලබා දී තිබෙයි. මැතිවරණ කොමිෂන් සභාව විසින් මෙම ලකුණ ලබා දී ඇත.

ජනපති ඓතිහාසික දළදා සමිඳුන් වැඳ ආශිර්වාද ලබා ගනී

ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඊයේ (15) සිය නාම යෝජනා පත්‍ර භාරදුන් පසු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මහනුවර ඓතිහාසික දළදා මාළිගාව වෙත ගොස් දළදා සමිඳුන් වැඳ පුදාගෙන ආශිර්වාද ලබාගෙන තිබේ. එහිදී ජනාධිපතිවරයාව පිළිගෙන ඇත්තේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා විසින්. අනතුරුව දළදා සමිඳුන් වැඩ සිටින ඉහළ මාලයේ කුටිය වෙත පැමිණි ජනාධිපතිවරයා දළදා වහන්සේට පුෂ්පෝහාර දක්වා ආගමික Read More

ජනපති සටන අතහැරි අපේක්ෂකයා මෙන්න

2024 ජනාධිපතිවරණය සඳහා අද (15) දිනයේ නාමයෝජනා භාරදුන් අපේක්ෂයන් 39 දෙනාගේම නාමයෝජනා පිළිගත් බව මැතිවරණ කොමිසම නිවේදනය කරයි. ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයින් 40 දෙනෙකු ඇප තැන්පත් කර තිබූ නමුත් නාමයෝජනා භාරදීම සඳහා පැමිණ තිබුණේ අපේක්ෂකයින් 39 දෙනෙකු පමණයි. ජනාධිපතිවරණය වෙනුවෙන් නාමයෝජනා ලබා දීම මඟ හැර ඇත්තේ සරත් කුමාර ගුණරත්න මහතායි. ඡන්දහිමියෙකු විසින් සරත් කුමාර ගුණරත්න මහතාගේ Read More

පුද්ගල ආදායම් බද්ද සඳහා නුදුරේදීම සහනයක්

පුද්ගල ආදායම් බද්ද සඳහා නුදුරේදීම සහනයක් ලබාදීමට අපේක්ෂා කරන බවත්, ඒ සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ මහා භාණ්ඩාගාරය විසින් මේ වනවිටත් ඉදිරිපත් කර ඇති යෝජනා දෙකක් සම්බන්ධයෙන් අවධානය යොමු කර ඇති බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ඒ වෙනුවෙන් මහා භාණ්ඩාගාරය විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවත්, ඒ සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ඉදිරිපත් කර Read More

t

o

p