ජනපති ඓතිහාසික දළදා සමිඳුන් වැඳ ආශිර්වාද ලබා ගනී

August 16, 2024

ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඊයේ (15) සිය නාම යෝජනා පත්‍ර භාරදුන් පසු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මහනුවර ඓතිහාසික දළදා මාළිගාව වෙත ගොස් දළදා සමිඳුන් වැඳ පුදාගෙන ආශිර්වාද ලබාගෙන තිබේ.

එහිදී ජනාධිපතිවරයාව පිළිගෙන ඇත්තේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා විසින්.

අනතුරුව දළදා සමිඳුන් වැඩ සිටින ඉහළ මාලයේ කුටිය වෙත පැමිණි ජනාධිපතිවරයා දළදා වහන්සේට පුෂ්පෝහාර දක්වා ආගමික වතාවත්වල නිරත වී තිබේ.

දළදා මාළිගාව වෙත පැමිණ සිටි ජනතාවගේ ද සුවදුක් විමසූ ජනාධිපතිවරයා ඔවුන් සමඟ සුහද කථා බහක නිරත වූ අතර ඉදිරි ජනාධිපතිවරණයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් ඔවුහු සිය සුභාශිංසන පළ කරනලදි.

අනතුරුව මල්වතු මහා විහාරය වෙත පැමිණි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මල්වතු පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහා නායක හිමිපාණන් වහන්සේ බැහැදැක ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුව උන්වහන්සේ සමඟ කෙටි පිළිසඳරක නිරත විය.

උන්වහන්සේ එහිදී සෙත් පිරිත් සජ්ජායනා කර ජනාධිපතිවරයා වෙත ආශිර්වාද පළ කළ අතර ඉන්පසු අස්ගිරි මහා විහාරයට පැමිණි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන මහා නායක හිමිපාණන් වහන්සේ ද බැහැදැක කෙටි පිළිසඳරක නිරත වී තිබේ.

අස්ගිරි මහා නා හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ අස්ගිරි පාර්ශ්වයේ මහා සංඝරත්නය ද එහිදි සෙත් පිරිත් සජ්ජායනා කර ජනාධිපතිවරයා වෙත ආශිර්වාද කරනලදි.

t

o

p