2024 වසරේ මේ දක්වා කාලය තුළ සංචාරකයින් 1,271,432 දෙනෙකු දිවයිනට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.
ඉන් වැඩි දෙනෙකු ඉන්දීය සංචාරකයින් වන අතර එම සංඛ්‍යාව 237,649ක්.
එමෙන්ම රුසියාව, බ්‍රිතාන්‍ය, ජර්මනිය, චීනය සහ ප්‍රංශය ඇතුළු රටවලින් ද වැඩි වශයෙන් සංචාරකයින් දිවයිනට පැමිණ තිබේ.
අගෝස්තු මුල් දින 11 තුළ සංචාරකයින් 73,373 දෙනෙකු දිවයිනට පැමිණ ඇති බව සඳහන්.