Local News

තවදුරටත් වැසි සහිත කාලගුණයක්

ඌව පළාතේත්, හම්බන්තොට සහ අම්පාර දිස්ත්‍රික්ක වලත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ    සෙසුප්‍රදේශවල ප.ව. 1.00 න්පමණ පසුව තැනින්තැන වැසිහෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව නිවේදනය කරයි. ඇතැම් ස්ථානවලට මි.මී. 75 ට වැඩි තරමක් තදවැසිද ඇතිවියහැක.   ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු මඟින් Read More

ජෛව අවි ප්‍රහාර වළක්වා ගැනීම සඳහා රජයෙන් පියවර රැසක් – අමාත්‍ය චමල් රාජපක්ෂ

සිදුවිය හැකි ජෛව අවි ප්‍රහාර වළක්වා ගැනීම සඳහා රජය පියවර රැසක් ගෙන ඇති බව අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පැවසීය. පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් පාර්ලිමේන්තුවේදී අද (05) යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් හෙතෙම මේ බව කීවේය. කොරෝනා වෛරසය ජෛව අවියක් ලෙසද ආරම්භයේදී සාකච්ජා වූ බවත් , මෙවැනි ජෛව අවි ප්‍රහාර වළක්වා ගැනීමට Read More

අත්අඩංගුවට ගන්නා මත්කුඩු ජනතාව ඉදිරියේම විනාශ කරනවා – අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර.

අත්අඩංගුවට ගන්නා මත්කුඩු ජනතාව ඉදිරියේම විනාශ කිරීමට නව ක්‍රමවේදයක් සකසන බව අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා පාර්ලිමේන්තුවේදී අද (05) පැවසීය.   අත්අඩංගුවට ගන්නා මත්කුඩු වලින් සාම්පලයක් පමණක් අධිකරණ කටයුතු වෙනුවෙන් තබා ගැනීමට ක්‍රියා කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි  මහතා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් පාර්ලිමේන්තුවේදී අද(05) යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් හෙතෙම වැඩිදුරටත් පැවසීය . මේ Read More

මාවනැල්ල බුදු පිළිමයට පහර දී ඇත්තේ කුඩුකාරයෙක්

කොළඹ නුවර මාර්ගයේ මාවනැල්ල හිගුල ප්‍රදේශයේ බුද්ධ ප්‍රතිමාවට පහරදී අලාභහානි කිරීමේ සිද්ධියට අදාළව මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වූ පුද්ගලයෙකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේය. සැකකරු හෙට්ටිමුල්ල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 30 ක් පමණ වන ප්‍රියන්ත සම්පත් කුමාර නැමැත්තෙකු බවත් ඔහු මත් ද්‍රව්‍යවලට දැඩිසේ ඇබ්බැහිවූ පුද්ගලයෙකු බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා කීය. ඉකුත් දෙසැම්බර් Read More

හංවැල්ල අරණ්‍යයෙන් අතුරුදන් හිමිගේ ඝාතනයට සැක 4 ක් අල්ලයි

හංවැල්ල තුම්මෝදර කොඩිකන්ද ආරණ්‍යයේ වැඩ සිටිය දි ඉකුත් ඉකුත් 02 දා අතුරුදන් වූ හිමිනමගේ සිරුර කොටදෙණියාව නාවාන පොදු සුසාන භූමියේ තිබි ඊයේ (04) හමුවී ඇත. පුළුස්සන ලදැයි සැක සහිත සිරුර සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරික්ෂණය මිනුවන්ගොඩ මහේස්ත්‍රාත්වරයා විසින් පවත්වන ලද අතර වැඩිදුර විමර්ශන සදහා සිරුර මීගමුව මහරොහලේ මෘතශරිරාගාරයේ තැන්පත් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති Read More

අතුරලියේ රතන හිමියෝ පාර්ලිමේන්තුවේ දිවුරුම් දෙති.

පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ 09 වන පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙකු වශයෙන් අද (05) පාර්ලිමේන්තු රැස්වීම ආරම්භයේදී ගරු කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේ අද දිවුරුම් දුන්හ.   කථානායකවරයා ඉදිරියේ දිවුරුම්දීමෙන් පසු උන්වහන්සේ මහ ලේකම් ධම්මික දසනායක මහතා ඉදිරියේදී මන්ත්‍රී නාමලේඛණයේ අත්සන් තැබූහ. පසුගිය මහමැතිවරණයේදී අපේ ජනබල පක්ෂය විසින් හිමි කර ගන්නා ලද මන්ත්‍රීධුරය වන ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරය Read More

ශ්‍රී ලංකා වරාය අධිකාරිය නව බහලු මෙහෙයුම් මධ්‍යස්ථානයට මුල්ගල තබයි

කලාපීය කේන්ද්‍රිය වරායක් ලෙස කොළඹ වරාය ගෝලීය සැපයුම් දාමය සහ ශ්‍රී ලාංකේය ආර්ථිකයේ සැපයුම් දාමය සංවර්ධනය කරමින්, වරාය තර්ගකාරීත්වය පවත්වා ගනිමින්, ජාතික ප්‍රතිපත්ති රාමුවට අනුගතව වරාය සේවා පහසුකම් සංවර්ධනයට පියවර ගෙන තිබේ. ඒ යටතේ කොළඹ වරායේ බහලු මෙහෙයුම් මධ්‍යස්ථානවල ගුණාත්මක තත්ත්වය ඉහළ නංවාලීමේ අරමුණෙන් නව බහලු මෙහෙයුම් මධ්‍යස්ථානය ට මුල්ගල තැබීම අද දින (2021.01.04) සමගි Read More

ජනවාරියේදී කොප් කමිටුව හමුවට රාජ්‍ය ආයතන 05 ක් කැඳවයි.

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව ( COPE ) ජනවාරි මස තුළ දී  රාජ්‍ය ආයතන 05ක විගණන කටයුතු පරීක්ෂාවට ලක් කිරීමට නියමිත බව එහි සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා පැවසීය. එලෙස කැඳවා ඇති ආයතන අතර මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව අරමුදල, ශ්‍රී ලංකා ඛණිජ තෙල් සංස්ථාව, පොල් සංවර්ධන අධිකාරිය ද වේ. කෝවිඩ් 19 සෞඛ්‍ය රෙගුලාසීන්ට අනුව ආරක්ෂිත Read More

කෝටි එකහමාරකට ගජමුතු විකුණන්න ගිය අයෙක් දැලේ

ඇතෙකුගෙන් ලබාගත් පෞරාණික ගජමුතු බව කියමින් ගජ මුතු 6 ක් විකිණිමට පැමිණි අයෙකු මාතරදී අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකාය අද (04) සමත්ව ඇත. තංගල්ල විශේෂ කාර්ය බලකා කදවුරේ නිලධාරින්ට ලද තොරතුරකට අනුව උපාය දූතයෙකු යොදවා ව්‍යාපාරිකයෙකු කියන පුද්ගලයෙකු ගජමුතු සමග මාතරට ගෙන්වා ගෙන තිබේ. රුපියල් කෝටි එකහමාරක් හෙවත් මිලියන 15 කට මෙම ගජමුතු 06 Read More

බස්නාහිරත් හුදකලා ප්‍රදේශ හැර සෙසු ප්‍රදේශවල පාසල්හි 11 වන ශ්‍රේණි විවෘතවේ.

බස්නාහිර පළාතේ හුදකලා කරනු ලැබූ ප්‍රදේශ හැර සෙසු ප්‍රදේශයන් හි පාසල්වල 11 වන ශ්‍රේණි ලබන 25 දා සිට විවෘත කරන බව අධ්‍යාපන ඇමති මහාචාර්ය ජී.එල් පීරිස් මහතා ප්‍රකාශ කළේය. බස්නාහිර පළාත හැර සෙසු ප්‍රදේශයන්හී පාසල්වල 6 වන ශ්‍රේණියෙන් ඉහළ ශ්‍රේණි ලබන 11 දා සිට ආරම්භ කරන බව මීට පෙර අධ්‍යාපන අමත්‍යාංශය තීරණය කරන ලදි. අධ්‍යාපන Read More

t

o

p