බස්නාහිරත් හුදකලා ප්‍රදේශ හැර සෙසු ප්‍රදේශවල පාසල්හි 11 වන ශ්‍රේණි විවෘතවේ.

January 4, 2021

බස්නාහිර පළාතේ හුදකලා කරනු ලැබූ ප්‍රදේශ හැර සෙසු ප්‍රදේශයන් හි පාසල්වල 11 වන ශ්‍රේණි ලබන 25 දා සිට විවෘත කරන බව අධ්‍යාපන ඇමති මහාචාර්ය ජී.එල් පීරිස් මහතා ප්‍රකාශ කළේය.

බස්නාහිර පළාත හැර සෙසු ප්‍රදේශයන්හී පාසල්වල 6 වන ශ්‍රේණියෙන් ඉහළ ශ්‍රේණි ලබන 11 දා සිට ආරම්භ කරන බව මීට පෙර අධ්‍යාපන අමත්‍යාංශය තීරණය කරන ලදි.

අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය මාර්තු මාසයේදි පැවැත්වීම අරමුණු කරගනිමින් මෙලෙස බස්නාහිර පළාතේද පාසල්වල 11 වන ශ්‍රේණි දරුවන් සඳහා විවෘත කරන බව අධ්‍යාපන අමාත්‍ය ජි.එල් පිරිස් මහතා අද (04) පැවැති මාධ්‍ය හමුවක දී ප්‍රකාශ කළේය.

t

o

p