කෝටි එකහමාරකට ගජමුතු විකුණන්න ගිය අයෙක් දැලේ

January 4, 2021

ඇතෙකුගෙන් ලබාගත් පෞරාණික ගජමුතු බව කියමින් ගජ මුතු 6 ක් විකිණිමට පැමිණි අයෙකු මාතරදී අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකාය අද (04) සමත්ව ඇත.

තංගල්ල විශේෂ කාර්ය බලකා කදවුරේ නිලධාරින්ට ලද තොරතුරකට අනුව උපාය දූතයෙකු යොදවා ව්‍යාපාරිකයෙකු කියන පුද්ගලයෙකු ගජමුතු සමග මාතරට ගෙන්වා ගෙන තිබේ. රුපියල් කෝටි එකහමාරක් හෙවත් මිලියන 15 කට මෙම ගජමුතු 06 විකුණන බව ඔහු පවසා ඇත.

ඒ අනුව සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර පසුව වැඩිදුර විමර්ශන සදහා ගජ මුතු 06 සමග ව්‍යාපාරිකයා වනජිවි නිලධාරින් වෙත බාර දුන් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කළේය.

සැකකරුට වන සත්ව හා වෘක්ෂලතා ආඥා පනත යටතේ ඉදිරි පියවර ගන්නා බවද ඔහු කීවේය.

t

o

p