රතන හිමි මන්ත්‍රීවරයෙකු ලෙස පාර්ලිමේන්තුවේ හෙට දිව්රා ආණ්ඩු පස අසුන්ගනී

January 4, 2021

අපේ ජන බල පක්ෂයේ එකම ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයා ලෙස පුජ්‍ය අතුරලියේ රතන හිමියන් ‍හෙට (05) පාර්ලිමේන්තුවේ දී කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේ දිව්රුම්දීමට නියමිතය.

පාර්ලිමේන්තු මැතිවරණයේදි අපේ ජන බල පක්ෂයට හිමිවූ එකම ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරය වෙනුවෙන් අතුරලියේ රතන හිමියන් හා ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අතර තරගයක් පැවැති අතර අවසානයේ පක්ෂයේ මහලේකම්ට සැගවීමට පවා සිදුව තිබුනි. මහලේකම් හිමියන් ද තමන් ජාතික ලයිස්තු මන්ත්‍රීධූරයට පත් වන බව දන්වමින් මැතිවරණ කොමිසමට ලිපියක් පවා යොමු කර තිබුනි.

පසුව ඇතිවූ එකඟතාවය මත අපේ ජන බල පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරයට අතුරලියේ රතන හිමියන් පත් කරන බව මැතිවරණ කොමිසම නිවේදනය කළේය. ඒ අනුව රතන හිමියන් හෙට දිව්රුම්දීමෙන් පසු ආණ්ඩු පක්ෂයේ අසුන් ගනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි.

t

o

p