ජෛව අවි ප්‍රහාර වළක්වා ගැනීම සඳහා රජයෙන් පියවර රැසක් – අමාත්‍ය චමල් රාජපක්ෂ

January 5, 2021

සිදුවිය හැකි ජෛව අවි ප්‍රහාර වළක්වා ගැනීම සඳහා රජය පියවර රැසක් ගෙන ඇති බව අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පැවසීය.

පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් පාර්ලිමේන්තුවේදී අද (05) යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් හෙතෙම මේ බව කීවේය.

කොරෝනා වෛරසය ජෛව අවියක් ලෙසද ආරම්භයේදී සාකච්ජා වූ බවත් , මෙවැනි ජෛව අවි ප්‍රහාර වළක්වා ගැනීමට රටක් ලෙස පූර්වයෙන් කටයුතු කළ යුතු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා කීවේය.

ජෛව අවි භාවිතය ලෝකයේ එකඟතාවය මත තහනම් වුවද, විවිධ දේශපාලන සහ වෙළඳ උපක්‍රම සඳහා රහසිගතව තවමත් භාවිත කරන බවත්, ශ්‍රී ලංකාව ඇතුළු ඌන සංවර්ධිත රටවල් මෙම ජෛව අවි අත්හදා බැලීම් සඳහා ඉලක්ක වීමේ ඉඩක් පවතින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා පාර්ලිමේන්තුවේදී පෙන්වා දුන්නේය. ඇතැම් තොරතුරු ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළ නොහැකි බව පිළිගන්නා බව පැවසූ මන්ත්‍රීවරයා මෙය සුළුකොට නොතැකිය යුතු බවද කීවේය.

ජාත්‍යන්තර සම්මුතින් ආරක්ෂා කරගනිමින් මෙරට තුළ සිදුවිය හැකි ජෛව අවි ප්‍රහාර වළක්වා ගැනීම සඳහා සැලසුම් රැසක් ක්‍රියාත්මක කර ඇති බව අමාත්‍ය චමල් රාජප්කෂ මහතා මෙහිදී අවධාරණය කළේය.

t

o

p