ලජ්ජා සහගත පරාජයක් සමග ටෙස්ට් තරගමාලාවේ ජය 2-0ක් ලෙස දකුණු අප්‍රිකාවට

January 6, 2021

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැති ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය 2 ට 0 ක් ලෙස ජය ගැනීමට දකුණු අප්‍රිකා කණ්ඩායම අද සමත් විය.

ඒ, දෙරට අතර පැවැති දෙවන තරගය අද කඩුළු 10 කින් ජය ගනිමින්.

දිමුත් කරුණාරත්න සිය ටෙස්ට් තරග දිවියේ 10 වැනි ශතකය වාර්තා කිරීමට සමත්වූවත් ශ්‍රී ලංකා පිල තරගයෙන් පරාජය වීමෙන් එහි සතුට ද හීන වී ගියේය.

පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා පිල රැස් කළ ලකුණු 157ට පිළිතුරු ලෙස දකුණු අප්‍රිකා පිල පළමු ඉනිම සඳහා ලකුණු 302ක් රැස් කළ අතර, ශ්‍රී ලංකා පිලේ දෙවැනි ඉනිම ලකුණු 211කට සීමා වීම නිසා දකුණු අප්‍රිකානු පිලේ ජයග්‍රාහී ඉලක්කය ලකුණු 67ක් තරම් පහසු එකක් විය.

ඊයේ පස්වරු තේ පානයට පෙර කිසිවකු නොදැවී තරගය ජයගත් දකුණු අප්‍රිකානුවෝ තරග 2කින් සමන්විත ටෙස්ට් තරගමාලාව 2-0කින් ජයගත්තේ මීට වසර දෙකකට පෙර දකුණු අප්‍රිකානු භූමියේදී තරග 2-0කින් සත්කාරකයන් පරාජය කරමින් ශ්‍රී ලංකාව ලැබූ විශිෂ්ට ජයග්‍රහණයේ වාඩුවත් පිරිමසා ගනිමිනි.

t

o

p