අත්අඩංගුවට ගන්නා මත්කුඩු ජනතාව ඉදිරියේම විනාශ කරනවා – අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර.

January 5, 2021

අත්අඩංගුවට ගන්නා මත්කුඩු ජනතාව ඉදිරියේම විනාශ කිරීමට නව ක්‍රමවේදයක් සකසන බව අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා පාර්ලිමේන්තුවේදී අද (05) පැවසීය.  

අත්අඩංගුවට ගන්නා මත්කුඩු වලින් සාම්පලයක් පමණක් අධිකරණ කටයුතු වෙනුවෙන් තබා ගැනීමට ක්‍රියා කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි  මහතා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් පාර්ලිමේන්තුවේදී අද(05) යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් හෙතෙම වැඩිදුරටත් පැවසීය .

මේ පිළිබඳව නිතිපති දෙපාර්තමේන්තුව සමඟ කඩිනමින් සාකච්ජා කරන බවද වීරසේකර මහතා කීවේය.

අත්අඩංගුවට ගන්නා මත්කුඩු පිටි බවට පත්වීමේ තත්ත්වයක් පවතින බවද පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි  මහතා කීවේය. එවැනි තත්ත්වන් පාලනය කිරීම වෙනුවෙන් මෙම නව වැඩපිළිවෙල ක්‍රියාත්මක බව ද අමාත්‍යවරයා පැවසීය.

මත්කුඩු සම්බන්ධ නඩු විභාග කර අවසන් කිරීම වෙනුවෙන් වැඩිකාලයක් ගතවුවත් විමර්ශන අතරතුර මත්කුඩු අතුරුදන් වීම වැනි ක්‍රියා වර්තමානයේදී පාලනය වී ඇතැයිද අමාත්‍යවරයා සඳහන් කළේය.

2020 වසරේදී මත්කුඩු කිලෝග්‍රෑම් 2740 කට අධික ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන තිබෙන බවත් මත්ද්‍රව්‍ය සම්බන්ධ විමර්ශන පුළුල් කර තිබෙන බවත් අමාත්‍යවරයා පැවසීය.

මත්කුඩු ජාවාරම්කරුවන්ට සහ භාවිත කරන්නන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාතමක කරන බවද  අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා පාර්ලිමේන්තුවේදී අවධාරණය කළේය.

t

o

p