හංවැල්ල අරණ්‍යයෙන් අතුරුදන් හිමිගේ ඝාතනයට සැක 4 ක් අල්ලයි

January 5, 2021

හංවැල්ල තුම්මෝදර කොඩිකන්ද ආරණ්‍යයේ වැඩ සිටිය දි ඉකුත් ඉකුත් 02 දා අතුරුදන් වූ හිමිනමගේ සිරුර කොටදෙණියාව නාවාන පොදු සුසාන භූමියේ තිබි ඊයේ (04) හමුවී ඇත.

පුළුස්සන ලදැයි සැක සහිත සිරුර සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරික්ෂණය මිනුවන්ගොඩ මහේස්ත්‍රාත්වරයා විසින් පවත්වන ලද අතර වැඩිදුර විමර්ශන සදහා සිරුර මීගමුව මහරොහලේ මෘතශරිරාගාරයේ තැන්පත් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේය.

හිමිනම පැහැරගත් කණ්ඩායමේ 4 ක් මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බවත් අත්අඩංගුවට ගත් පිරිසේ කොඩිකන්ද ආරණ්‍යයේම වැඩසිටින සාමනේර හිමිනමකගේ මව හා පියාද සිටින බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

හංවැල්ල තුම්මෝදර කොඩිකන්ද ආරණ්‍යයේ වැඩ සිටි 65 හැවිරිදි උඩුවිල ධම්මසිරි හිමයන් ඉකුත් 02 ද කිසියම් කණ්ඩායමක් පැමිණ පැහැරගෙන ගොස් තිබු අතර ඒ සම්බන්ධයෙන් ලද පැමිණිල්ලකට අනුව හංවැල්ල පොලිසිය පරික්ෂණ ආරම්භ කොට තිබුනි.

පසුව හිමිනමගේ සිරුර නාවාන පොදු සුසාන භූමියේ තිබි හමුවූ අතර එය පිළිස්සීමට කටයුතු කර ඇති බව ද පොලිසිය පවසයි.

මෙය පුද්ගලික ආරවුලක් මත පැහැර ගෙන ගොස් ඇති බවත් මරණයට හේතුව සොයා බැලීම සඳහා පශ්චාති මරණ පරික්ෂණයක් අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා විසින් පවත්වන බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා කීය. සැකකරුවන් අවිස්සාවේල්ල අධිකරණය වෙත ඉදිරිපත් කොට පැය 48 ක රැදවුම් නියෝග ලබාගත් බව කී නියෝජ්‍ය පොලිස්පතිවරයා අත්අඩංගුවට ගත් පිරිසට අමතරව තවත් සැකකරුවන් කිහිපදෙනෙකු සොයා පරික්ෂණ පවත්වන බවද පැවසීය.

t

o

p