Foreign News

මගීන් 38ක් සමඟ ගුවන් යානයක් අතුරුදන්

මගීන් 38ක් රැගත් හමුදා ගුවන් යානාවක් අතුරුදන්වීමේ පුවතක් චිලී රාජ්‍යයෙන් වාර්තා වෙයි. යානාව අතුරුදන්වන අවස්ථාවේදී එහි මගීන් 38දෙනෙක් සිට ඇති අතර ඔවුන්ගෙන් බහුතරය ආරක්ෂක අංශ සාමාජිකයන් බව සඳහන් වෙයි. අනතුරට පත්වන අවස්ථාවේදී ගුවන්යානාව ඇන්ටාක්ටිකා මහද්වීපය බලා පියාසර කරමින් පැවැතියේය. අතුරුදන්වූවන් හා යානාව සොයා මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මකයි.

සම්ප්‍රදාය බිඳ දැමු නත්තල් ගස

ඉතාලියේ මිලානෝ නගරයේ සුප්‍රකට ඩූමෝ දෙව්මැදුර ඉදිරිපිට සුවිශේෂී නත්තල් ගසක් ඉදිකර තිබේ. කේතු හැඩයට වානේ වලින් ඉදිකර ඇති එම නත්තල් ගස මීටර් 37ක උසකින් යුක්තයි. විදුලි බුබුළු අසූ එක්දහස් හාරසිය හතළිස් අටක් යොදාගනිමින් නත්තල් ගස ආලෝකමත් කර තිබේ. පුනර්ජනනීය බලශක්තිය යොදාගනිමින් නත්තල් ගස ආලෝකමත් කර තිබීම එහි ඇති විශේෂත්වයයි. නත්තල් ගස ආලෝකමත් කිරීමේ උත්සවය පුද්ගලයන් Read More

ඔස්ට්‍රේලියානු ජාතිකයෙකු දෙවන මහලින් පහළට ඇද වැටී මරුට

සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණ මහනුවර හීරැස්සගල ප්‍රදේශයේ  පිහිටි හෝටලයක නවාතැන් ගෙන සිටි ඔස්ට්‍රේලියානු ජාතිකයෙකු එහි දෙවන මහලින් පහළට ඇද වැටී මරණයට පත්ව ඇත.හෝටලයේ ඉහළ මහලින් පහළට ඇද වැටී ඇති ඔහු මහනුවර ශික්ෂණ රෝහලට ඇතුලත් කිරීමේදී  මරණයට පත්ව ඇත. මෙලෙස මරණයට පත්ව ඇත්තේ පීටර් කෙනත් නැමති හැත්තෑ හැවිරිදි පුද්ගලයෙකි.සිද්ධිය සම්බන්ධයෙන් මහනුවර පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වති.

නවසීලන්තයේ වකාරි ගිනි කන්ද පුපුරා යයි.

නවසීලන්තයේ වකාරි ගිනි කන්ද පුපුරා යයි. නවසීලන්තයේ වයිට් අයිලන්ඩ් නොහොත් වකාරි ගිනි කන්ද හදිසියේ පුපුරා යාමෙන් පුද්ගලයන් විසි දෙනෙකු පමණ තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. තුවාල ලැබු පිරිසෙන් එක් අයෙකු අසාධ්‍ය තත්ත්වයේ පසුවූ වේ. ගිනි කන්ද  පුපුරා යාමට මොහොතකට පෙර වයිට් අයිලන්ඩ් ආවාටයේ මායිම තුළ සංචාරකයින් 50 ක් පමණ ගමන් කර ඇත. මෙය Read More

ලැව්ගිනි සිඩ්නි නුවර සමීපයට

ලැව්ගිනි හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ වනාන්තර රැසක් මේ වනවිට දැවී විනාශ වී ඇත. වනාන්තර දවා හලුකරමින් සිඩ්නි නුවර වෙත පැතිර ගිය ලැව්ගින්න හේතුවෙන් නගරය දුම්වලාවකින් වැසී ගොස් ඇති බවටද වාර්තා වී තිබුණි. සිඩ්නි නුවර සිට කිලෝමීටර් 60ක් තරම් සමීපයේ ඇවිලී යන මහා පරිමාණ ලැව්ගින්න පාලනය කිරීමට නොහැකි බව ඔස්ට්‍රේලියානු බලධාරීන් පවසයි. අහිතකර වායු සාගරය Read More

ගූගල් මව් සමාගම පාලනයෙන් ඉවත් වෙයි

1998 වසරේදී කැලිෆෝනියා හි ගරාජයකදී ගූගල් සමාගම නිර්මාතෘවරුන් වූ ලැරී පේජ් සහ සර්ජි බ්‍රින් ගූගල් සමාගමේ මව් සමාගම පාලනයෙන් ඉවත්වන බව  නිවේදනය කරයි. ගූගල් සමාගමේ නව ප්‍රධාන විධායක නිලධාරි ලෙස ප්‍රධාන විධායක නිලධාරි වන සුන්දර් පීචායි ඇල්ෆබට් පත්වනු ඇති. නව නිෂ්පාදන සහ අභියෝග භාරගැනීමේ අරමුණින් මෙම සමාගම පාලනයෙන් ඉවත්වූ බව ඔවුන් සඳහන් කළහ.

ලොව ප්‍රමුඛ විදෙස් ආයෝජකයෙකු ශ්‍රී ලංකාවට

ලොව නැගී එන වෙළෙඳපොළ සම්බන්ධයෙන් විශේෂඥයෙකු ලෙසින් සැලකෙන ආචාර්ය මාක් මෝබියස් මහතා එක්වන ව්‍යාපාරික සමුළුවක් එළඹෙන දෙසැම්බර් 10 දින පැවැත්වීමට නියමිතය. කොළඹ නගරයේ ඉදිවෙමින් පවතින දැවැන්ත මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියක් වන Cinnamon Life  විසින් මෙම ඉසව්ව සංවිධානය කරනු ලබයි. ආචාර්ය මොබියස් වසර 30 කට වැඩි කාලයක් Franklin Templeton Investments හි සේවය කළ අතර ටෙම්පල්ටන් නැගී එන Read More

කම්මූරි අද පිලිපීනයට ඇතුල් වෙයි

කම්මූරි සුළි කුණාටුව අද (03) අළුයම පිලිපීනයේ ලූසොන් දිවයිනෙන් ගොඩබිමට ඇතුල් විය. මේ සමඟ ප්‍රදේශයට තද වැසි ඇදහැලෙමින් පවතින බව විදෙස් වාර්තා පවසන්නේය. කම්මූරි සුළි කුණාටුව මධ්‍යම පිලිපීනයේ ලූසොන් දිවයින ආශ්‍රිතව පැයට කිලෝමීටර් 175ක වේගයකින් හමා යමින් තිබේ. කුණාටු අවදානමත් සමඟ කලාපයේ පාසැල් වසාදමා ඇති අතර ලක්ෂ දෙකක පමණ පිරිසක් ආරක්ෂිත ස්ථාන වලට යැවීමට පිලිපීන Read More

චීනයේ වාර්ෂික හිම පතනය ඇරබේ

චීනයේ වාර්ෂික හිම පතනය ආරම්භ වී තිබේ. එහි පළමු අත්දැකීම විඳගන්නට ජනතාව තුළ දැඩි උනන්දුවක් පැවති බව සඳහන්. මෙවර ශීත සමයේ පළමු හිම පතිතවීම අත්දැකීමට චීනයේ බීජිං අගනුවර වැසියන්ට පසුගියදා අවස්ථාව හිමි විය. නගරයේ උතුරුදිග ප්‍රදේශ වෙත පළමුව මෙසේ හිම පතිත වූ අතර හිම පතිත වී නගරයේ ගොඩනැගිලි සුදුපැහැයෙන් දිස්වූයේය. විදෙස් වාර්තා වැඩිදුරටත් පවසන්නේ, 2022 Read More

දිල්ලි පොලිස් කාන්තාවන්ට සම තැන දෙයි

ඉන්දියාවේ ,දිල්ලි පොලිස් කාන්තාවන් වෙනම හඳුනාගැනීම සඳහා ඔවුන්ට රෝස පැහැති ස්කූටර් හා හිස් වැසුම් ලබා දී තිබේ. මෙයින් “කාන්තා නිලධාරීන් පාරවල් වල සිටින බව සනිටුහන් කර හැකි බවත් ඒහිදි පැමිණිල්ලක් සඳහා කාන්තාවන් ඔවුන්  වෙත පැමිණීමට පසුබට නොවනු ඇති බවත් දිල්ලි පොලිසිය නිලධාරින් පවසයි.  පොලිස් මුර සංචාරයේ යෙදීම හේතුවෙන් මෙම දිස්ත්‍රික්කයේ වීදි අපරාධ අඩුවී තිබේ. ආයුධ Read More

t

o

p