මගීන් 38ක් සමඟ ගුවන් යානයක් අතුරුදන්

December 11, 2019

මගීන් 38ක් රැගත් හමුදා ගුවන් යානාවක් අතුරුදන්වීමේ පුවතක් චිලී රාජ්‍යයෙන් වාර්තා වෙයි.

යානාව අතුරුදන්වන අවස්ථාවේදී එහි මගීන් 38දෙනෙක් සිට ඇති අතර ඔවුන්ගෙන් බහුතරය ආරක්ෂක අංශ සාමාජිකයන් බව සඳහන් වෙයි.

අනතුරට පත්වන අවස්ථාවේදී ගුවන්යානාව ඇන්ටාක්ටිකා මහද්වීපය බලා පියාසර කරමින් පැවැතියේය.

අතුරුදන්වූවන් හා යානාව සොයා මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මකයි.

t

o

p