කම්මූරි අද පිලිපීනයට ඇතුල් වෙයි

December 3, 2019

කම්මූරි සුළි කුණාටුව අද (03) අළුයම පිලිපීනයේ ලූසොන් දිවයිනෙන් ගොඩබිමට ඇතුල් විය.

මේ සමඟ ප්‍රදේශයට තද වැසි ඇදහැලෙමින් පවතින බව විදෙස් වාර්තා පවසන්නේය.

කම්මූරි සුළි කුණාටුව මධ්‍යම පිලිපීනයේ ලූසොන් දිවයින ආශ්‍රිතව පැයට කිලෝමීටර් 175ක වේගයකින් හමා යමින් තිබේ.

කුණාටු අවදානමත් සමඟ කලාපයේ පාසැල් වසාදමා ඇති අතර ලක්ෂ දෙකක පමණ පිරිසක් ආරක්ෂිත ස්ථාන වලට යැවීමට පිලිපීන බලධාරීන් පියවර ගෙන තිබුණි.

t

o

p