මහ බැංකු බැඳුම්කර වෝහාරික විගණන වාර්තාව පිලිබඳ කෝප් කමිටුවේ විශේෂ රැස්වීමක්

December 3, 2019

මහ බැංකු බැඳුම්කර සිදුවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදුකරන ලද වෝහාරික විගණනයේ  අවසාන වාර්තාව පිලිබඳව ඉදිරියට ගැනීමට අපේක්ෂා කරන ක්‍රියාමාර්ග සම්බන්ධව සාකච්ඡා කිරීම සඳහා කෝප් කමිටුවේ විශේෂ රැස්වීමක් අද(03) පාර්ලිමේන්තුවේදී පැවැත්වෙන බව කෝප් කමිටු සභාපති සුනිල් හඳුන්නෙත්ති මහතා පැවසීය.

මෙම රැස්වීමට පැමිණෙන ලෙස කෝප් කමිටුවේ සියළු සාමාජිකයන්ට දැනුම් දුන් බවද සුනිල් හඳුන්නෙත්ති මහතා තවදුරටත් පැවසීය.

මහබැංකු බැඳුම්කර සිදුවීම සම්බන්ධයෙන් කරුණු සොයා බැලීම සඳහා පත්කරන ලද ජනාධිපති කොමිෂන් සභාව විසින් මහ බැංකුව වෙත මෙම වෝහාරික විගණනය සිදු කිරීම සඳහා නිර්දේශ ලබා දෙන ලදී.මෙම නිර්දේශය සම්බන්ධයෙන් ජනාධිපති කොමිෂන් සභාව විසින් කොප් කමිටුව දැනුවත් කළ අතර පසුගිය මාර්තු 22 රැස්වූ කෝප් කමිටුව මහබැංකුව වෙත නිර්දේශ කරන ලද්දේ ජනාධිපති කොමිෂන් සභාව විසින් නිර්දේශිත වෝහාරික විගණනය සිදුකරන ආකාරය පිළිබඳ පූර්ණ වාර්තාවක් කමිටුවට ඉදිරිපත් කරන ලෙසයි.

මහබැංකු බැඳුම්කර සිදුවීම පිළිබඳ හත්වන පාර්ලිමේන්තු කෝප් කමිටු වාර්තාව පාර්ලිමේන්තුව වාර අවසාන කිරීම හේතුවෙන්  පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ නොහැකි වූ අතර එය අටවන පාර්ලිමේන්තුවේදී නැවත සලකා බැලීමට  පසුව කමිටුව විසින් තීරණය කරන ලදී.

t

o

p