දිල්ලි පොලිස් කාන්තාවන්ට සම තැන දෙයි

December 2, 2019

ඉන්දියාවේ ,දිල්ලි පොලිස් කාන්තාවන් වෙනම හඳුනාගැනීම සඳහා ඔවුන්ට රෝස පැහැති ස්කූටර් හා හිස් වැසුම් ලබා දී තිබේ.

මෙයින් “කාන්තා නිලධාරීන් පාරවල් වල සිටින බව සනිටුහන් කර හැකි බවත් ඒහිදි පැමිණිල්ලක් සඳහා කාන්තාවන් ඔවුන්  වෙත පැමිණීමට පසුබට නොවනු ඇති බවත් දිල්ලි පොලිසිය නිලධාරින් පවසයි.

 පොලිස් මුර සංචාරයේ යෙදීම හේතුවෙන් මෙම දිස්ත්‍රික්කයේ වීදි අපරාධ අඩුවී තිබේ. ආයුධ වලට  අමතරව ඉසින හා මිරිස් කුඩු පොලිස් නිලධාරීන්ට බෙදා දී ඇත. ඒමෙන්ම නිලධාරීන්ට කැමරා ද ලබා දී තිබේ.

ජ්‍යෙෂ්ඨ පොලිස්  නිලධාරීන් පවසන්නේ මෙම නව මුලපිරීම තුළින් සමාජයේ කාන්තාවන්ට සමාන ගෞරවයක් ලබා දීම අපගේ අරමුණ බවයි. මෙය කාන්තා නිලධාරීන්ට සමාන ගෞරවයක් දැක්වීමකි.

t

o

p