Foreign News

තෙල් මිල වාර්තාගත ලෙස පහලට

පසුගිය දින වල පැවති මිල ගණන් වලට සාපේක්ෂව මේ වන විට ලෝක වෙළඳ පොළේ බොරතෙල් මිල ගණන් වල සීඝ්‍ර වෙනස්වීමක් දකින්නට ලැබෙයි. ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල පහළ යාමක් ඊයේ (04) පෙන්නුම් කරනු ලදි. එනම් බ්‍රෙරෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 72යි ශත 85ක් ලෙස සටහන් වූ අතර, ඩබිලිව්.ටී.අයි බොරතෙල් බැරලයක මිල දැක්වුණේ ඩොලර් 69යි ශත Read More

යුක්‍රේන ගුවන් හමුදාපති සේවයෙන් ඉවතට

යුක්‍රේන ජනාධිපති Volodymyr Zelenskyy විසින් එරට ගුවන් හමුදාපති Mykola Oleshchuk ව සේවයෙන් ඉවත්කර තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ පසුගියදා ඇමරිකාවෙන් යුක්‍රේනයට ලබාදුන් F -16 ප්‍රහාරක යානයක් කඩා වැටී එරට ප්‍රධාන පෙළේ ගුවන් නියමුවෙක් මියයාම හේතුවෙන් එම තීරණය ගෙන ඇති බවයි. රුසියාව යුක්‍රේනයට මෑත කාලයේදී එල්ලකළ දරුණුතම ගුවන් ප්‍රහාරයට ප්‍රතිප්‍රහාර එල්ලකරමින් සිටියදී එම යානය කඩා වැටී Read More

ෂැන්ෂාන් සුළි කුණාටුවෙන් ජපානයට දැඩි බලපෑම්

දශක ගණනාවකට පසු ජපානයට බලපෑ ප්‍රබලතම සුළි කුණාටුවක් හේතුවෙන් ජපානයේ දුම්රිය සහ ගුවන් ගමන් අවලංගු කර තිබේ. පසුගිය අගෝස්තු 29 වනදා ජපානයේ නිරිතදිග ප්‍රදේශයට කඩා වැදුණු ෂැන්ෂාන් කුණාටුවෙන් පසු පුද්ගලයින් හය දෙනෙකු මිය ගොස් 100 කට වැඩි පිරිසක් තුවාල ලබා තිබුණි. ජපානයට ආපදා තත්ත්වයක් ඇති කළ මෙම සුළි කුණාටුව තවමත් පැයට කිලෝමීටර 90 වේගයෙන් පවතින Read More

ඇෆ්ගනිස්ථානයට භු කම්පන තත්ත්වයක්

ඇෆ්ගනිස්ථානයට භූ කම්පන තත්ත්වයක් ඇති වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එය රික්‍ටර් මාපකයේ ඒකක 5.7ක ප්‍රබලත්වයෙන් සිදුවී තිබෙන බවයි වාර්තා වෙයි. එම භූ කම්පනය කිලෝමීටර් 255ක් ගැඹුරින් හට ගෙන තිබේ.

තුන්වන ලෝක යුද්ධයක් සම්බන්ධයෙන් අනතුරු ඇඟවීම්

යුක්‍රේනයට යුද ආධාර ලබා දී රුසියාවට පහර දීමට ඉඩ සැලසීමෙන් තුන්වන ලෝක යුද්ධයක් ආරම්භ විය හැකි බව රුසියාව විසින් අමෙරිකාවට අනතුරු අඟවා තිබේ. එසේ වුවහොත් එය යුරෝපයට පමණක් සීමා නොවන බව රුසියාව ප්‍රකාශ කරයි. යුක්‍රේනය පසුගිය 06 වනදා රුසියාවේ බටහිර කර්ස්ක් ප්‍රදේශයට ප්‍රහාරයක් එල්ල කළ අතර දෙවන ලෝක යුද්ධයෙන් පසු රුසියාවට එල්ල වූ විශාලතම ආක්‍රමණය Read More

Telegram CEO ප්‍රංශයේදී අත්අඩංගුවට

ලොව ජනප්‍රිය සමාජ මාධ්‍යයක් වන Telegram සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී පවෙල් ඩුරොව් ප්‍රංශ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. පැරීසියට උතුරින් පිහිටි ගුවන් තොටුපොළකට ඔහුගේ පෞද්ගලික ජෙට් යානය ගොඩබැස්සවීමත් සමඟ මෙම අත්අඩංගුවට ගැනීම සිදුවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. Telegram යෙදවුමට අදාළ වැරදි කිහිපයක් සම්බන්ධයෙන් ප්‍රංශය විසින් ගෙන තිබූ වරෙන්තුවට අනුව ප්‍රකෝටිපති ව්‍යාපාරිකයෙකු වන 39 Read More

ඊශ්‍රායලය හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරයි

ඉදිරි පැය 48 ක කාලය හදිසි තත්ත්වයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍යාංශය කටයුතු කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඒ ලෙබනනයේ සිට උතුරු ඊශ්‍රායලයට රොකට් ප්‍රහාරයන් 300 කට අධික සංඛ්‍යාවක් එල්ල කර තිබෙන නිසා බවයි වාර්තා වෙයි. ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරයකින් හිස්බුල්ලා ජ්‍යෙෂ්ඨ නායක ෆුවාඩ් ෂුකර් ඝාතනයට පළිගැනීමක් ලෙස මෙම ප්‍රහාර දියත් Read More

ජර්මනියේ අයි.එස්. ප්‍රහාරයක්

ජර්මනියේ බටහිර දෙසින් පිහිටි සොලින්ගන් නගරයේ පිහි ප්‍රහාරයක් සිදුවිය. ප්‍රහාරයට ලක්වීමෙන්, තිදෙනකු ජීවිතක්ෂයට පත්වුණු බවත් අට දෙනකු තුවාල ලබා රෝහල්ගත කළ බවත් පැවැසෙයි. පිහි ප්‍රහාරය එල්ල වූයේ ඊයේ (24) පැවැති උත්සවයක් අතරතුරේදීය. උත්සවය පැවැත්වූයේ සොලින්ගන් නගරයේ ආරම්භය සනිටුහන් කරමින් නගරයට වසර 650 ක් පිරීම නිමිත්තෙනි. සොලින්ගන් ජර්මනියේ ප්‍රධාන කාර්මික නගරයයි.

ගාසා සටන් විරාම සාකච්ඡාවට හමාස් දූත පිරිස ඊජිප්තුවට

ගාසා සටන් විරාම සාකච්ඡාට සහභාගී වීම සඳහා හමාස් නියෝජිත කණ්ඩායම ඊජිප්තුවේ කයිරෝ හමාස් හි ජ්‍යෙෂ්ඨ නිලධාරි ඉසාත් අල්-රිෂ්ක් නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ එක්සත් ජනපද සහ ඊශ්‍රායල නියෝජිතයින් පසුගිය බ්‍රහස්පතින්දා කයිරෝ හි නව රැස්වීම් වටය ආරම්භ කළ අතර එහිදී සටන් විරාම යෝජනාවක් පිළිබඳ පවතින මතභේද විසඳා ගැනීමේ අරමුණින් දින දෙකක් Read More

බෙලරුසියාව දේශසීමාවට හමුදාව කැඳවයි

බෙලරුසියාව සහ යුක්‍රේනය සිය දේශසීමාවේ හමුදා ශක්තිය වැඩි කිරීමට කටයුතු කර ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. බෙලරුසියා ජනාධිපති ඇලෙක්සැන්ඩර් ලුකෂෙන්කෝ පැවසුවේ යුක්‍රේනය, දේශසීමාව ආසන්නයේ හමුදා භටයින් 120,000ක් පමණ ස්ථාන ගත කර ඇති බවයි. ලුකෂෙන්කෝ, රුසියා ජනාධිපති ව්ලැදිමීර් පුටින් ගේ සමීපතමයෙකි. මේ අතර ලුකෂෙන්කෝ පවසා ඇත්තේ යුක්‍රේන ක්‍රියාවට ප්‍රතිචාර ලෙස සිය හමුදාවෙන් වැඩි ප්‍රමාණයක් දේශසීමාවේ Read More

t

o

p