යුක්‍රේන ගුවන් හමුදාපති සේවයෙන් ඉවතට

September 1, 2024

යුක්‍රේන ජනාධිපති Volodymyr Zelenskyy විසින් එරට ගුවන් හමුදාපති Mykola Oleshchuk ව සේවයෙන් ඉවත්කර තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ පසුගියදා ඇමරිකාවෙන් යුක්‍රේනයට ලබාදුන් F -16 ප්‍රහාරක යානයක් කඩා වැටී එරට ප්‍රධාන පෙළේ ගුවන් නියමුවෙක් මියයාම හේතුවෙන් එම තීරණය ගෙන ඇති බවයි.

රුසියාව යුක්‍රේනයට මෑත කාලයේදී එල්ලකළ දරුණුතම ගුවන් ප්‍රහාරයට ප්‍රතිප්‍රහාර එල්ලකරමින් සිටියදී එම යානය කඩා වැටී තිබේ.

t

o

p