කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

September 1, 2024

තද වැසි, තද සුළං සහ මුහුද රළුවීම පිලිබඳ අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ස්භාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින්.

එම නිවේදනයේ සඳහන් වන්නේ බටහිර, මධ්‍යම සහ ඊට යාබද වයඹදිග බෙංගාල බොක්ක ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය අද (01) ඉන්දියාවේ උතුරු ආන්ද්‍රා ප්‍රදේශය සහ දකුණු ඔඩිෂා වෙරළ හරහා ගොඩබිමට ඇතුළු වූ බවයි.

ඒ අනුව එම මුහුදු ප්‍රදේශවල නාවික හා ධීවර කටයුතුවල යෙදෙන විට අවධානයෙන් කටයුතු කරන ලෙස එම නිවේදනයෙන් වැඩිදුරටත් සඳහන් කර තිබේ.

t

o

p