හැටන් ප්‍රදේශයේ රිය ධාවනය කරන්නන්ට පොලීසියෙන් ඉල්ලීමක්

September 1, 2024

මධ්‍යම කඳුකරයේ හැටන් ආශ්‍රිත ප්‍රදේශයන්ට පවතින වැසි හා දැඩි මීදුම් තත්ත්වයන් හේතුවෙන් මෙම ප්‍රදේශයේ මාර්ගවල රථ වාහන අනතුරු ඇති වීමේ අවධානමක් හට ගෙන ඇති බව හැටන් පොලීසිය ප්‍රකාශ කර සිටියි.

මේ තත්ත්වයන් මත මෙම ප්‍රදේශයේ විවිධ රථ වාහන අනතුරු ඇති වීමේ වැඩි අවදානමක් පවතින බැවින් මෙම දේශගුණ තත්ත්වයන් පිළිබඳව දැඩි අවදානයක් යොමු කරන ලෙස හැටන් පොලීසිය එම මාර්ගයේ ගමන් ගන්නා රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.

එමෙන්ම රථ වාහන ධාවනය කිරීමේදී ඉතාමත් කල්පනාකාරීව තම රථ වාහනවල ඉදිරිපස ලාම්පු දල්වා රථ වාහන ධාවනය කරවීමට පියවර ගන්නා ලෙසයි හැටන් පොලීසිය වැඩි දුරටත් කරුණු දක්වමින් සඳහන් කර සිටියි.

t

o

p