දුම්වැටි තොගයක් සමඟ පුද්ගලයෙක් කොටුවෙයි

September 1, 2024

ඩුබායි රාජ්‍යයේ සිට තීරු බදු රහිතව මෙරටට ගෙන්වන ලද දුම්වැටි තොගයක් සමඟ සැකකරුවෙකු කටුනායක ගුවන්තොටුපළේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

අද අළුයම පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ කටුනායක ගුවන්තොටුපළ ඒකකයේ නිලධාරී කණ්ඩායමකුයි වැටලීම සිදුකළේ.

මෙහිදි විදේශීය දුම්වැටි 20000ක් සොයා ගැණුනි.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 30ක පානදුර ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය කටුනායක ගුවන්තොටුපළ ඒකකය සිද්ධිය සම්බන්ධයෙන් විමර්ෂණ සිදුකරයි.

t

o

p