ඉන්ධන මිල අඩු කරයි

September 1, 2024

ඊයේ (31) මධ්‍යම රාත්‍රියේ  සිට නව මිල ගණන් ක්‍රියාත්මක වෙයි.ඔක්ටේන් 92 ලංකා පෙට්‍රල් ලීටරයක් රුපියල් 12 කින් අඩු කර තිබේ. ඒ අනුව එහි නව මිල රුපියල් 332 ක් වෙයි.

ලංකා පෙට්‍රල් ඔක්ටේන් 95 ලීටරයක් රුපියල් 2 කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 377 ක්.ලංකා සුදු ඩීසල් මිල රුපියල් 10 කින් අඩු කෙරුණි. ඒ අනුව එම ඩීසල් ලීටරයක නව මිල රුපියල් 307 ක් වෙයි.

ලංකා සුපිරි ඩීසල් ලීටරයක් අඩු කර ඇත්තේ රුපියල් 03 කින්. එම ඩීසල් ලීටරයක නව මිල රුපියල් 352 ක්.දිවයින පුරා සිපෙට්කෝ පිරවුම්හල්වල මෙම මිල ගණන් යටතේ ඉන්ධන මිලදී ගත හැකි බවයි ලංකා ඛණිජතෙල් නීතිගත සංස්ථාව සදහන් කරයි.

t

o

p