Foreign News

ඉන්දියාවේ නව දිල්ලි නුවර ආශ්‍රිතව භූ කම්පනයක්

ඉන්දියාවේ නව දිල්ලි නුවර ආශ්‍රිතව භූකම්පනයක් සිදුව ඇති බව වාර්තා වෙයි. එරට භූ කම්පන විද්‍යාව පිළිබඳ ජාතික මධ්‍යස්ථානයේ මූලික දත්තවලට අනුව භූමිකම්පාවේ ප්‍රබලත්වය රික්ටර් පරිමාණයේ 6.2ක් ලෙස සටහන්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. තත්ත්පර 40කට වැඩි කාලයක් මෙම භූකම්පනය පැවති බවයි වාර්තා වන්නේ.

වෛද්‍ය විද්‍යාව සඳහා වන නොබෙල් ත්‍යාගය කොවිඩ් එන්නතට මුල් වූ විද්‍යාඥයින් දෙදෙනාට

මෙම 2023 වසර සඳහා නොබෙල් ත්‍යාග පිරිනැමීම මේ වනවිට ආරම්භ වී තිබේ. වෛද්‍ය විද්‍යාව සඳහා නොබෙල් ත්‍යාගය, ‘කොවිඞ් 19’ වයිරසය සාර්ථකව මර්දනය කිරීමට එන්නත් නිපදවීමට දායකත්වය ලබා දුන් විද්‍යාඥයන් දෙදෙනෙකු වන හංගේරියානු ඇමෙරිකන් විද්‍යාඥ කැටලීන් කරීකෝ සහ ඇමෙරිකන් විද්‍යාඥ ඩෲ වයිස්මන් අතරේ බෙදී ගියේය. කොවිඩ් වසංගතය පැමිණීමට පෙර මෙම තාක්ෂණය අත්හදාබැලීමේ මට්ටමක පැවතිය ද, මේ Read More

නිපා දරුවන්ට මාරාන්තිකයි

කේරළ ප්‍රාන්තයේ ව්‍යාප්ත වූ නිපා වයිරසය දරුවන් අතර බොහෝ සංකූලතා ඇති කරන බවත්, එය දරුවන්ට මාරාන්තික තත්ත්වයකට පවා හේතු විය හැකි බවටත් වෛද්‍ය විශේෂඥයන් අනතුරු අඟවා ඇතැයි හින්දුස්තාන් ටයිම්ස් පුවත් සේවය වාර්තා කළේය. කේරළ ප්‍රාන්තයේ සෞඛ්‍ය බලධාරින්ට අනුව මේ වන විට එම ප්‍රාන්තයේ වයිරසය ව්‍යාප්ත වීම පහත වැටී තිබුණ ද, දෙවැනි රැල්ලක අවදානමක් ඇති බැවින් Read More

නවසීලන්තයේ භූ කම්පනයක්

නවසීලන්ත දකුණු දූපත ආසන්නයේ අද (20) උදෑසන භූකම්පනයක් සිදුව තිබේ.  ඒ එරට වෙලාවෙන් උදෑසන 9.20ට පමණයි.  එම භූකම්පනය රික්ටර් මාපකයේ 6.2ක් ලෙසයි සටහන් වී ඇත්තේ.  එහි බලපෑම නවසීලන්තයේ බොහෝ ප්‍රදේශවලට දැනී ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා වෙයි.  කෙසේවෙතත් එයින් සිදු වූ හානිය පිළිබඳව මෙතෙක් වාර්තා වී නැහැ.

කොරියානු රැකියා කෝටාව වැඩි කිරීමට සූදානම් – ලී ජුං-සික්

කොරියානු ජනරජයේ රැකියා හා කම්කරු අමාත්‍ය ගරු ලී ජුං-සික් (Lee Jung-sik) මහතා ප්‍රමුක දූත පිරිසක් සහ කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා අතර හමුවක් පසුගියදා පාර්ලිමේන්තුවේදී පැවැත්විණි. මෙම අවස්ථාවට පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය සහ ශ්‍රී ලංකාවේ කොරියානු තානාපති මියොන් ලී මහත්මිය එක්ව සිටියහ. මෙහිදී අදහස් දැක්වූ කොරියානු රැකියා හා කම්කරු අමාත්‍ය ලී ජුං-සික් මහතා Read More

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 78 වැනි සැසිවාරය අදින් ඇරඹෙයි

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 78 වැනි සැසිවාරය අද(18) ආරම්භ වෙයි. ඒ, අමෙරිකාවේ නිව්යෝර්ක් නුවරදී ය. මෙවර එය පැවැත්වෙන්නේ, “ 2030 න්‍යාය පත්‍රය වෙනුවෙන් සාමය, සෞභාග්‍යය, ප්‍රගතිය සහ තිරසරභාවය මත පදනම්ව තිරසර සංවර්ධන ඉලක්ක ජයගැනීමේ ක්‍රියාමාර්ග වේගවත් කිරීම සඳහා විශ්වාසය යළි ගොඩනැංවීම සහ ගෝලීය සහයෝගීතාව යළි ඇති කිරීම” යන තේමාවෙන් ය. සමුළුව ලබන 21 වැනිදා දක්වා Read More

සමරිසි ප්‍රජාව සඳහා සංචාරක උපදේශන නිකුත් කරයි

කැනඩාව විසින් LGBTQ+ ප්‍රජාව වෙත ඇමරිකාවට යාම අවදානම් බවට අනතුරු ඇඟවීමක් සිදුකර තිබේ. ඒ, LGBTQ+ පුරවැසියන් වෙනස් කොට සැලකීමේ නීති ගණනාවක් රාජ්‍ය මට්ටමින් සම්මත කරගැනීම හේතුවෙන්. ඒ අනුව ඇමරිකාවේ රාජ්‍ය නීති සහ ප්‍රාන්ත නීති පිළිබඳව සැලකිලිමත් වන ලෙස කැනඩාව විසින් දැනුම්දී තිබේ.

චීනයට සුළි කුණාටු දෙකක්

පැයට කිලෝමීටර 200ක වේගයෙන් හමායන සෝලා සුළි කුණාටුව චීනයේ ගුවැන්ඩොන් පළාතට කඩා වැදී තිබේ. එහි බලපෑමෙන් ෂෙන්සෙන්, මැකාවු පළාත්වලට සහ හොංකොං නගරයට දැඩි සුළං තත්වයක් බලපා ඇති අතර ජල ගැලීම් ද වාර්තාවන බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි. එමෙන්ම, පැයට කිලෝමීටර් 160ක වේගයෙන් හමා යන හයිකුයි සුළි කුණාටුව හෙට වනවිට චීනයේ ෂෙජියැන්ග් පළාතට කඩා වදින බවයි Read More

ඉන්දුනීසියාවේ මැග්නිටියුට් ඒකක 7ක භූ කම්පනයක්

ඉන්දුනීසියාවේ බාලි මුහුදේ ප්‍රබලත්වය මැග්නිටියුට් ඒකක 7ක භූ කම්පනයක් සිදුව තිබේ. ඉන්දුනීසියාවේ මාතරම් සිට කිලෝමීටර් 203ක් උතුරින් වූ මුහුදේ කිලෝමීටර් 516ක් ගැඹුරින් මෙම භූ කම්පනය හටගෙන ඇත. මුහුදු පතුලේ ඇති වූ භූමිකම්පාව හේතුවෙන් සුනාමි තර්ජනයක් නොමැති බවත් අමෙරිකා සුනාමි අනතුරු ඇඟවීමේ පද්ධතිය සඳහන් කළේ ය.

ඔස්ට්‍රේලියාව සහ පිලිපීනය යුද අභ්‍යාසයක

ඔස්ට්‍රේලියාව සහ පිලිපීනය එක්ව දකුණු චීන මුහුදේ දී යුද අභ්‍යාසයක නිරත වී තිබේ. එය ඔස්ට්‍රේලියාව සහ පිලිපීනය එක්ව සිදුකළ පළමු යුද අභ්‍යාසය වන බව විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. මෙම යුද අභ්‍යාසය සඳහා ඔස්ට්‍රේලියාවේ සහ පිලිපීනයේ නාවික සහ ගුවන් හමුදා සාමාජිකයන් ද එක් ව සිට ඇති අතර, සෙබළුන් 2,000 ඉක්මවූ පිරිසක් යුද අභ්‍යාසය සමඟ එක්වූ Read More

t

o

p