චීනයට සුළි කුණාටු දෙකක්

September 2, 2023

පැයට කිලෝමීටර 200ක වේගයෙන් හමායන සෝලා සුළි කුණාටුව චීනයේ ගුවැන්ඩොන් පළාතට කඩා වැදී තිබේ.

එහි බලපෑමෙන් ෂෙන්සෙන්, මැකාවු පළාත්වලට සහ හොංකොං නගරයට දැඩි සුළං තත්වයක් බලපා ඇති අතර ජල ගැලීම් ද වාර්තාවන බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

එමෙන්ම, පැයට කිලෝමීටර් 160ක වේගයෙන් හමා යන හයිකුයි සුළි කුණාටුව හෙට වනවිට චීනයේ ෂෙජියැන්ග් පළාතට කඩා වදින බවයි විදෙස් වාර්තා සඳහන් කරයි.

t

o

p