සිංගප්පූරු ජනපති ධුරය ශ්‍රී ලාංකික සම්භවයක් සහිත පුද්ගලයෙකුට

September 2, 2023

සිංගප්පූරුවේ නව ජනපති ධූරය ශ්‍රී ලාංකික සම්භවයක් සහිත ධර්මන් ෂන්මුගරත්නම් මහතාට හිමිව තිබේ.

ඔහු සමග තරඟ වැදුණු අපේක්ෂකයන් දෙදෙනෙකු අභිබවා ඡන්ද 70.4 ක ප්‍රතිශතයක් ලබාගෙනයි ජනාධිපති ධූරයට පත්ව ඇත්තේ.

2011 වසරේ සිට 2019 දක්වා එරට නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කළ ධර්මන් ෂන්මුගරත්නම් එරට මුදල්, අධ්‍යාපන සහ මානව සම්පත් කරළමනාකරණ අමත්‍යවරයා ලෙසද කටයුතු කළේය.

ඔහු එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කමිටු සභාපතිවරයා ලෙසද කටයුතු කර ඇති අතර හිටපු ආර්ථික විද්‍යාඥයෙකු වන ඔහු 66 හැවිරිදි වියේ පසුවෙයි.

t

o

p