කටුකුරුන්ද පුහුණු පාසලේ විශේෂ කාර්ය බළකායේ 39 වන රණවිරු ගුණානුස්මරණයෙන්

September 2, 2023

විශේෂ කාර්ය බළකායේ 39 වන රණවිරු ගුණානුස්මරණ ප්‍රධාන උත්සවය ඊයේ (01) මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් පී.වියානි ගුණතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් කළුතර කටුකුරුන්ද විශේෂ කාර්ය බළකා පුහුණු පාසලේ දී පැවැත්විණි.

යුද්ධය හේතුවෙන් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් 464 දෙනෙකු සහ කම්කරුවන් 6 දෙනෙකු ජීවිතක්ෂයට පත්විය.ආබාධිත තත්වයට පත්ව ඇති නිලධාරීන් සංඛ්‍යාව 744 ක්.

ප්‍රධාන සැමරුම් උත්සවයට සමගාමීව විශේෂ කාර්ය බලකායේ අනුරාධපුර, කතරගම, අම්පාර යන කඳවුරු තුළ පිහිටි රණවිරු ස්මාරක අභියසද සැමරුම් සංවිධාන කර තිබුණි.

එසේම ලබන 5 වනදා මියගිය රණවිරුවන් සහ ආබාධිත රණවිරුවන් සිහිකර මහනුවර ශ්‍රී දළදා මාළිගාව අභියස දානමය පුණ්‍යකර්මයක්ද පැවැත්වෙන බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කරයි.

t

o

p