වෛද්‍ය විද්‍යාව සඳහා වන නොබෙල් ත්‍යාගය කොවිඩ් එන්නතට මුල් වූ විද්‍යාඥයින් දෙදෙනාට

October 3, 2023

මෙම 2023 වසර සඳහා නොබෙල් ත්‍යාග පිරිනැමීම මේ වනවිට ආරම්භ වී තිබේ.

වෛද්‍ය විද්‍යාව සඳහා නොබෙල් ත්‍යාගය, ‘කොවිඞ් 19’ වයිරසය සාර්ථකව මර්දනය කිරීමට එන්නත් නිපදවීමට දායකත්වය ලබා දුන් විද්‍යාඥයන් දෙදෙනෙකු වන හංගේරියානු ඇමෙරිකන් විද්‍යාඥ කැටලීන් කරීකෝ සහ ඇමෙරිකන් විද්‍යාඥ ඩෲ වයිස්මන් අතරේ බෙදී ගියේය.

කොවිඩ් වසංගතය පැමිණීමට පෙර මෙම තාක්ෂණය අත්හදාබැලීමේ මට්ටමක පැවතිය ද, මේ වන විට එය ලොව පුරා පුද්ගලයින් මිලියන ගණනකට ලබා දී තිබේ.

මෙම mRNA තාක්ෂණය ම පිළිකා ඇතුළු තවත් රෝග කිහිපයක් සඳහා පර්යේෂණ කටයුතුවලට යොමු කර ඇත.

t

o

p