ඔස්ට්‍රේලියාව සහ පිලිපීනය එක්ව දකුණු චීන මුහුදේ දී යුද අභ්‍යාසයක නිරත වී තිබේ.
එය ඔස්ට්‍රේලියාව සහ පිලිපීනය එක්ව සිදුකළ පළමු යුද අභ්‍යාසය වන බව විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
මෙම යුද අභ්‍යාසය සඳහා ඔස්ට්‍රේලියාවේ සහ පිලිපීනයේ නාවික සහ ගුවන් හමුදා සාමාජිකයන් ද එක් ව සිට ඇති අතර, සෙබළුන් 2,000 ඉක්මවූ පිරිසක් යුද අභ්‍යාසය සමඟ එක්වූ බව විදෙස් මාධ්‍යය වාර්තා කර ඇත.
පිලිපීනය සහ ඔස්ට්‍රේලියාව මෙම යුද අභ්‍යාසය පැවැත්වූයේ, පිලිපීනය සහ චීනය අතර දකුණු චීන මුහුද පිළිබඳ මතභේදයක් පවතින පසුබිමක වීම විශේෂත්වයකි.