හිඟ ඖෂධ 50 ක් ආනයනය කිරීමට සැලසුම්

August 27, 2023

හිඟව පවතින තවත් ඖෂධ වර්ග 50 ක් ඉදිරි දෙසතිය තුළ ආනයනය කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

අමාත්‍යාංශය සඳහන් කළේ, ඒ අනුව ඖෂධ හිඟය තරමක් දුරට පාලනය වනු ඇති බවයි.

මේ වනවිට වෛද්‍ය සැපයුම් අංශයේ ඖෂධ 230 ක හිඟයක් පවතී.

එම සියලු ඖෂධ කඩිනමින් ඇනවුම් කර ආනයනය කිරීමට නියමිත ඇතැයි අමාත්‍යාංශය සඳහන් කළේ ය.

t

o

p