ජාතික මහා ක්‍රීඩා උළෙලේ ශූරතාව බස්නාහිර පළාතට

August 26, 2023

පළාත් 9ම නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 5000කට අධික පිරිසක් සහභාගී වූ සුගතදාස ක්‍රීඩාංගනයේදී පැවැති ජාතික මහා ක්‍රීඩා උළෙලේ ශූරතාව බස්නාහිර පළාතට හිමිවිය.

තරගාවලියේ සමස්ත ශූරතාව බස්නාහිර පළාත දිනාගත්තේ රන්පදක්කම් 115ක්, රිදී පදක්කම් 78ක් සහ ලෝකඩ පදක්කම් 89ක් සමගින්.

දෙවන ස්ථානයට පත් වූ මධ්‍යම පළාත දිනාගත් රන් පදක්කම් ගණන 39ක්. 3 වන ස්ථානයට පත් වූ දකුණු පළාත රන් පදක්කම් 30ක් දිනාගන්නා ලදි.

මලල ක්‍රිඩා ඉසව්වල වැඩි ගෞරව දිනාගැනීමට බස්නාහිර පළාත සමත්විය. ඒ රන් පදක්කම් 14ක් දිනාගනිමින්. දකුණු පළාත මලල ක්‍රීඩා ඉසව්වලදී රන් පදක්කම් 11ක් දිනාගන්නා ලදි. මළල ක්‍රීඩා අංශයේ දක්ෂතම ක්‍රීඩකයා වුයේ මධ්‍යම පළාත නියෝජනය කළ මීටර් 400 කඩුළු පැනීමේ ඉසව්වට සහභාගී වූ කේ. එම්. ඩී. දර්ශනයි. දක්ෂතම මලල ක්‍රීඩා ක්‍රීඩිකාව වූයේ මීටර් 400 ඉසව්ව තත්ත්පර 52.80කින් නිම කළ දකුණු පලාතේ නදීශා රාමනායකයි.

t

o

p