Special News

ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් 11 ට නොතීසි

අධිකරණ නියෝග නොතකා හිටපු මහ බැංකු අධිපතිවරයාට එරෙහිව විරෝධතා පා ගමනක නිරත වූ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් එකොලොස් දෙනෙකුට ලබන 02 දා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (29) නොතීසි නිකුත් කළාය. දිනේෂ් ගුණවර්ධන, බන්දුල ගුණවර්ධන, නාමල් රාජපක්ෂ, රංජිත් සොයිසා, ජොන්ස්ටන් ප්‍රනාන්දු, ශ්‍රියාණි විජේවික්‍රම, වාසුදේව නානයක්කාර, රෝහිත අබේගුණවර්ධන යනාදි මන්ත්‍රීවරුන් පිරිසකට Read More

ජාතික සමගිය ගොඩ නගන්න එකට එකතු වෙමු – සමාජවාදී තරුණ සංගමය

සහෝදරත්වයේ දිනයට සමගාමිව පැවති සහෝදරත්වයේ සිත්තම ජුලි 28 කොළඹ විහාර මහ දේවී උද්‍යානයේ දී පැවති වැඩසටහනේ දී ජාතික සමගිය වෙනුවෙන් පුළුල්ම ජාතික සමගියේ පවුර හදන්න උත්සහ කරමින් ඉන්න බවත් ඒ සඳහා අත්වැල් බැදගන්නා ලෙසත් සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක එරංග ගුණසේකර මහතා ප්‍රකාශ කළේය    

අම්පාර දිස්ත්‍රික් දෙමළ සන්ධාන හිටපු මන්ත්‍රී එච්.පී. පියසේන රිමාන්ඩ්

අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් පසුගිය රජය සමයේ  ලබා දුන් වාහනය අවභාවිතා කළැයි  කියන සිද්ධියක් සම්බන්ධයෙන්  දෙමළ සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී  එච්.පී. පියසේන ලබන අගොස්තු 02 වැනි දා දක්වා රිමාන්ඩ්  කිරිමට කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (29) නියෝග කළාය‍.    

සුදු තරුණිය ලංකාවේ සිගා කෑවේ ඇයි

ලෝකයේ රට රටවල සංචාරය කිරිම විනෝදාංශයක් කර ගත් අවුරුදු 24 ක එංගලන්ත තරුණියක ලංකාවේ සංචාරය කිරිමට පැමිණියේ ඉකුත් ජූලි 28 දාය. ඇය ලංකාවට පැමිණි පසු වැඩිම ඇල්මක් දැක්වූවේ ඇල්ල ප්‍රදේශයේ සිය නිවාඩුව ගත කිරිමටය. ඒ අනුව සුදු ජාතික තරුණිය ඇල්ල හෝටලයේ නතර වූවාය. ලංකාවට පැමිණෙන විට ඇය සන්තකයේ තිබී ඇත්තේ බ්‍රිතාන්‍ය ස්ටර්ලින් පවුම් 500 ක් Read More

මුරලිට ලොව ඉහළම ගෞරව නාමය හිමිවෙයිද ?

ක්‍රිකට් ක්‍රීඩකයෙකුට සිය ජීවිත කාලය තුළ ලබා ගත හැකි ඉහළ ම ගෞරව නාමය වන හෝල් ඔෆ් ෆේම් සම්මානය සඳහා අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් හිටපු ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන්ට ලබා දීමට නිර්දේශ කර තිබේ. මුත්තයියා මුරලිදරන් ලෝක ක්‍රිකට් සම්මේලනයේ ක්‍රිකට් විශිෂ්ටයන්ගේ නාමලේඛණයට ඇතුලත් වූ පළමු වන ශ්‍රී ලාංකික ක්‍රීඩකයා යි. මෙම ලැයිස්තුවට නම් ඇතුළත් කරනු ලබන්නේ ජාත්‍යන්තර Read More

මැතිවරණ ක්‍රමය ගැන දැනුවත් කරන්න සමාජ ජාල වැඩසටහනක්

ශ්‍රී ලාංකීය තරුණ ප්‍රජාව මැතිවරණ ක්‍රමය පිළිබඳ ව දැනුවත් කිරීම සඳහා මැතිවරණ කොමිසම, සමස්ත ලංකා යෞවන සමාජ සම්මේලනය හා තරුණ සංවිධානයන් සමඟ එක්වී සමාජ ජාල වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා ඇතැයි මැතිවරණ කොමිසන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසීය. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ අද (28) මැතිවරණ කොමිසන් සභාවේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට සහභාගි වෙමිනි. Read More

පාද යාත්‍රාව දූෂිතයන්ගේ ඇස් බැන්දුමක්

ඒකාබද්ධ විපක්ෂය විසින් සංවිධානය කර ඇති ජන සටන පාගමන පිළිබඳව අග්‍රාමාත්‍ය කාර්යමණ්ඩල ප්‍රධානී සහ නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය  සාගල රත්නායක මැතිතුමන් විසින් නිවේදනයක් නිකුත් කර තිබේ. එම නිවේදනය පහතින්, “කොළඹ සිට මහනුවර දක්වා සංවිධානය කර ඇති විරෝධතා පා ගමන හේතුවෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අතර ඇති එම ඓතිහාසික සහයෝගිතාවට Read More

පාගමන අතරතුර ගිලන් රථයක් නිසා ගැටුම්කාරි තත්ත්වයක්

ඒකාබද්ධ විපක්ෂයේ පාද යාත්‍රාව අද(28) පෙරවරුවේ පේරාදෙණිය පාලම අසලින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරිණි. හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ගැටඹේ පන්සලේ ආගමික වතාවත් වලින් පසුව පෙළපාළියට සහභාගී විම සඳහා පිටත්ව ගියේය. මේ අතර පා ගමන ආරම්භ කිරීමෙන් අනතුරුව ගැටඹේ විහාරස්ථානය අසළදී පුද්ගලික රෝහලකට අයත් ගිලන් රථයක් එම ස්ථානය පසුකර යා‍මට උත්සාහ කිරීමේදී Read More

ඉන්දියාවේ ගිලන් රථ සේවාව ක්‍රියාත්මකයි

මීට අවුරුදු 3ට පෙර ලැම්බෝ ගිනි රේස් තිබූ මෙම ස්ථානය අද ජීවිත බේරාගන්නා මයික්‍රෝ රෝහලක් යැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද (28) ගාලු මුවදොර පිටියේදී පැවසීය. ඒ ඉන්දීය රජයේ මැදිහත්වීමෙන් මෙරට ක්‍රියාත්මක හදිසි ප්‍රතිචාර ගිලන් රථ සේවාව ආරම්භ කිරීම නිමිත්‍‍තෙන් ගාලු මුවදොරදී අද පෙරවරුවේ පැවැති උත්සවයේදීය. ගාලු මුවදොර පිටියේ දී එම කටයුතු ආරම්භ කෙරුණේ  අග්‍රාමාත්‍ය Read More

ඡන්දහිමි නාම ලේඛන ප්‍රතිශෝධනය සඳහා විකල්ප වැඩසටහන් ක්‍රියාත්මක කරනවා

ගංවතුරෙන් හා නාය යෑම්වලින් ජනතාව අවතැන්වූ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ 09 ක ඡන්ද හිමි නාම ලේඛන ප්‍රතිශෝධන අයදුම්පත් එකතු කිරිමේ ප්‍රමාදයක් පවතින බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ප්‍රකාශ කළේය. එම නිසා මෙම ප්‍රදේශයන්හි ඡන්දහිමි නාම ලේඛන ප්‍රතිශෝධනය සඳහා විකල්ප වැඩසටහන් ක්‍රියාත්මක කිරිමට අපේක්ෂා කරනා බවද රාජගිරිය මැතිවරණ මහලේකම් කාර්යාලයේ අද (28) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදි Read More

t

o

p