අත්ල ඇගිලි සහ ඇගිලි පුරුක් අනුව වාසනාව හදුනා ගනිමු.

August 14, 2016

දේහ ලක්ෂණ විද්‍යාව අනුව අතේ රේඛාවන්ට අමතරව අතේ ඇති ඇගිලි පුරුක් අනුවද චරිත ලක්ෂණ ප්‍රකාශ කළ හැකිය. සාමාන්‍යයෙන් අතක ඇගිලි අතර පුරුක් ඇත්තේ 14 ක් පමණි. ඇගිලි අතර පුරුක් වැඩි වී සාමාන්‍ය ප්‍රමාණයට වඩා වැඩිවී ඇත්නම් ඒ පුද්ගලයා කෙසේ හෝ තමන්ගේ උත්සාහයෙන් නැගී සිටින අයෙකි.
එසේම කාන්තාවකගේ අතක ඇගිලිවල වැඩිපුර පුරුක් පිහිටා ඇත්නම් එවන් චරිත ද මෙලෙස උත්සාහයෙන් තම ජීවිතය ජය ගන්නා අය වෙති.
පුරුක් සමානව පිහිටා අත්ලේ ඇගිලි අතර හිඩැස් නැතිනම් ඔහු හෝ ඇය ධනය රැකීමේ සූරයෝ වෙති. අතෙහි ඇගිලි අග නිය පිහිටා ඇත. එම නිය පිහිටි ආකාරය අනුවද චරිත ලක්ෂණ විදහා දැක්වේ. නිය වර්ග කිහිපයක් දේහ ලක්ෂන විද්‍යාවේදි පරික්ෂාවට ලක්වේ.
ඇගිලි පුරුක් ගත් කළ එම ඇගිලි පුරුක් මහතට පිහිටා තිබේ. එනම් පුරුක් මහත නිසා මහා විශාල අතක් ලෙස පෙනෙන අත් ඇති පුද්ගලයෝ වෙති. එවන් චරිත කෙසේ හෝ තම අර්ථික දියුණුව ඇති කර ගනිති. දුගි පැලක ඉපදුනත් ඔවුන් ආදායම් සරු කරගන්නෝ වෙති. උප්පත්තියෙන් මිළ මුදල් නැති කිසිදු සම්පතක් නැති පුද්ගලයෙකු වුනත් මෙවන් අතක් සහිත නම් ඔහු කෙසේ හෝ සියලූ සැප සම්පත් සහිත අයෙකු බවට කෙසේ හෝ පත් වන්නේය.
එනම් ඇත් නිය, සුනඛ නිය හා සිංහ නිය වශයෙන් නිය වර්ග 3 කි. ඇත් නිය සහිතව උපදින පුද්ගලයා ශාන්ත වූ සිතුවිලි ඇති ආගමික් පරිසරයට නැඹුරු වූ චරිතයකි. ඔවුන් අසරණයන්ට උදව් උපකාරයෙදි ප්‍රමුඛයෝ වෙති. ඉක්මණින් අන් අය කෙරෙහි අනුකම්පා සහගත සිතුවිලි ඇති කර ගනියි.
සුනඛ නිය ගත් කළ සුනඛ නිය සහිත ඇගිලි ඇති පුද්ගලයා කොතන ගියත් තමන් ගිය කාර්ය අවුල්කර ගන්නෝ වෙති. ඔවුන්ට කිසිම වැඩක් නිසියාකාරව අවසන් කර ගැනීමට නොහැකිවෙයි. මෙවන් නිය සහිත පුද්ගලයා අන් අය ගැන නොසිතන්නෝ වෙති.
සිංහ නිය සහිත පුද්ගලයා තම ගමන කඩාගෙන බිදගෙන යන්නෝ වෙති. නමුත් එම මඟ ගොස් එන විට ඔහුට සුදුසු තැන හිමිවේ. එනම් තමන් යන ගමන් මාර්ගයේදි උත්තරීතර තත්ත්වයට පැමිණෙති. ගෞරවය නිසි පරිදි ලබා ගැනිමට ඔවුන් උපන් හපන්කම් ඇත්තෝ වෙති. සිංහයෙකුට සමාන සැලකුම හා සිංහයෙකුට සමාන ගෞරවයක් ඇතිවේ. එය ස්වභාවිකව ඇති වන්නකි.
ඊට අමතරව පිටි අල්ලේ පිහිටිම අනුවද එම තැනැත්තාගේ හෝ තැනැත්තියගේ චරිත ලක්ෂණ ප්‍රකාශ කළ හැකිය. පිටි අල්ලේ නහර ඉලිප්පි නයි පෙනය වගේ චිත්‍රයක් මැවෙන අතක් සහිත පුද්ගලයෝද වෙති. නයාගේ පෙනයේ “ප”අක්ෂරයේ හැඩයට මෙය පිහිටා ඇත. එවන් අතක් සහිත අයෙක් ඉදිරියට ඇගිල්ල දිගු කළොත් ඉදිරියේ සිටිනා කෙනා ඔහුට අවනත වන්නේය. නයා දුටුවිට අනෙක් සතුන් දපනේ වැටෙන්නාසේ නයි පෙනය පිටි අල්ලේ ඇති අයෙක් කියනා දේට අනිත් අය අවනත වන්නේය. එය ස්ථිරය.
එවන් අයෙක් සමඟ බොහෝ විට අනෙක් අය ගැටුම් ඇති කර ගැනිමට බිය වෙති. ඔහු ඉදිරියට සෘජුව පැමිණෙන්නේ නැත. මේ ලක්ෂණය අනුව මෙම පුද්ගලයන් ස්වයංව ආරක්ෂාවේ.
අනෙක අතෙක ඇගිලි තුඩුවලින්ද චරිත ලක්ෂණ ප්‍රකාශ කළ හැකිය. සමහරුන්ගේ ඇගිලි තුඩු සමතලා වූ ආකාරයට පිහිටා තිබේ. එවන් චරිත දුක් විදිමින් ගමනක් යන්නෝ වෙති. නැතිනම් කට්ට කා ගෙන යන අය ලෙස හැදින්විය හැකිය. ඔවුන් හොදින් හෝ නරකින් තම දියුණුව උදාකර ගනිති.
කාන්තාවකගේ හෝ පිරිමියෙකුගේ ඇගිලි තුඩු උල්ව පිහිටා ඇති අවස්ථාදවේ. පන්සලක් උල්කලාක් මෙන් එවැනි ඇගිලි තුඩු පිහිටා තිබේ. එවැන්නෝ කුමන ස්ථානයක උප්පත්තිය ලැබුවද කලාත්මක අංශයෙන් ඉහළටම යන්නෝ වෙති. එවන්නෝ කලාවේ ජනප්‍රිය පුද්ගලයෝ වේ. රගපෑම, ගීත ගායනය, ගීත රචනය නැතිනම් පොත පත රචනා කිරිම ආදි කලාව සාහිත්‍ය යන ක්ෂේත්‍රයන්ගෙන් ඉහළ තැනකට පැමිණේ.
s
දේහලක්ෂණ විද්‍යා ආචාර්ය සමන් ජයතිලක

Sammy

Previous story Next story

Leave a comment

t

o

p