යහපාලන රජයේ ආදායම් කඩන්න නඩු – මුදල් ඇමති

August 15, 2016

යහපාලනය සඳහා වන ජාතික රජයේ ආදායම් ලැබෙන මාර්ගවලට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මේ වන විට නඩු 29 ක් ගොනු කර ඇතැයි මුදල් ඇමති රවි කරුණානායක මහතා පවසයි.
රජයට ලැබෙන ආදායම් වැළැක්වීමේ අරමුණින් මෙතරම් නඩු ප්‍රමාණයක් ගොනු කළේ ඉතිහාසයේ පළමු වතාවට බවද මුදල් ඇමති රවි කරුණානායක මහතා සඳහන් කළේය.
ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඇති විශාල නඩු සංඛ්‍යාව හේතුවෙන් රජයේ ආදායම් ලැබීමට ප්‍රබල බලපමෑමක් එල්ල වී ඇතැයිද මුදල් ඇමති රවි කරුණානායක මහතා වැඩිදුරටත් කීවේය.
ඒ වෙනුවෙන් රජය සාකච්ඡා කොට යම් තීන්දුවකට එළැබෙන බවද ඇමතිවරයා සඳහන් කළේය.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p