විනිසුරු සරත් අබෲ ඉහළ මහලින් වැටි මරුට

August 15, 2016

ශ්‍රේෂ්ඨාධිකරණයේ හිටපු විනිසුරු සරත් අබෲ මහතා සිය නිවසේ ඉහල මාලයේ සිට පහළට ඇද වැටීමෙන් අද (15) පෙරවරුවේ මියගොස් ඇත. ඔහු ඇද වැටුනා නොව ඉහළ මහලෙන් පහළට පැනීම නිසා මෙම මරණය වී ඇති බවට පොලීසිය සැක කරයි.

විනිසුරුවරයා නිවස ඉදිරිපිට බිම වැටි සිටියදි සේවකයකු විසින් කළුබෝවිල රෝහලට ඇතුළත් කර ඇති බව පොලීසිය සදහන් කරයි.

ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචි කරුවෙකු වන සරත් අබෲ මහතා අනතුරෙන් පසුව කළුබෝවිල රෝහලට රැගෙන එන අවස්ථාවේදීත් මියගොස් සිටි බව රෝහල් ආරංචි මාර්ග පවසයි .

සිය නිවසේ මෙහෙකාර සේවයේ යොදවා සිටි දැරියකට හිංසන සිදු කිරීමේ සිද්ධියක් සම්බන්දයෙන් සරත් අබෲ මහතා පසුගිය සමයේ අධිකරණ සේවා කොමිසම විසින් සේවා අත්හිටුවීමකටද ලක්ව සිටියේය.

 

Sammy

Previous story Next story

Leave a comment

t

o

p