Special News

වැට් පනත ශ්‍රේෂ්ඨාධිකරණය බල රහිත කරලා – කතානායක

එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත් කෙටුම්පතේ වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට හා ස්ථාවර නියෝගයන්හි නියමිත ක්‍රමවේදයට අනුව ඉදිරිපත්ව නැති හෙයින් එම පනත බල රහිත වන බව ශ්‍රේෂ්ඨාධිකරණය තමන්ට දැනුම් දී ඇතැයි කතානායක කරු ජයසූරිය මහතා පාර්ලිමේන්තුවේදී අද (09) ප්‍රකාශ කළේය.

සරත් ෆොන්සේකාට රුපියල් කෝටි 59 ක් ඉල්ලයි

ප්‍රාදේශිය සංවර්ධන ඇමතිවරයාට හා අමාත්‍යාංශයේ වියදම් වෙනුවෙන් රුපියල් කෝටි 59 ක මුදලක් ඉල්ලා ආණ්ඩු පක්ෂය පරිපූරක අස්තමේන්තුවක් පාර්ලිමේන්තුවට අද (09) ඉදිරිපත් කළේය.

ඔලිම්පික් ඉතිහාසයේ වැඩිම රන් පදක්කම් ලාභියා මයිකල් පෙල්ප්ස්

ඔලිම්පික් ඉතිහාසයේ වැඩිම රන් පදක්කම් ප්‍රමාණයක් (19ක්) ඇතුළුව සමස්ථ පදක්කම් 23ක් හිමිකරගෙන ඇති මයිකල් පෙල්ප්ස් ඔලිම්පික් ඉතිහාසයේ ශ්‍රේෂ්ඨතම ක්‍රීඩකයා ලෙසින් පිළිගැනෙයි.

නාගරික නිවාස සදහා අගමැතිගෙන් කමිටුවක්

ශ්‍රී ලංකා ජාතික, නාගරික නිවාස වැඩසටහනේ මෙහෙයුම් කමිටුවක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් පත් කර තිබේ. 2020 වසර වන විට ශ්‍රී ලංකාවේ සියලූ නාගරික ප්‍රදේශ ආවරණය වන ලෙස නිවාස ලක්‍ෂ දෙකක් ඉදිකිරීම මෙම මෙහෙයුම් කමිටුවේ ප්‍රධාන ඉලක්කය වේ. අග්‍රාමාත්‍ය ජ්‍යෙෂ්ඨ උපදේශක ආර්. පාස්කරලිංගම් මහතා මෙම කමිටුවේ ප්‍රධානත්වය උසුලන අතර, රජයේ පස්අවුරුදු සැලසුම් ප්‍රධානී අර්ජුන මහේන්ද්‍රන්, Read More

තොරතුරු දෑන ගෑනීමේ පනත් කෙටුම්පතට කරු ජයසුරිය මහතා විසින් අත්සන් තැබූ අවස්ථාව

තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පනත් කෙටුම්පත පසුගිය 2016.08.04 දින පෙරවරුවේ කථානායක කරු ජයසුරිය මහතා විසින් අත්සන් තැබූ අවස්ථාව . පාර්ලිමෙන්තු මහ ලේකම් ධම්මික දසනායක, නියෝජ්‍ය මහ ලේකම් සහ කාර්‍යමණ්ඩල ප්‍රධානී නීල් ඉද්දවෙල යන මහත්වරුන් ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

පාසල් නව නිපැයුම්කරුවෝ ජාත්‍යන්තරය හඹා යති..

දේශීය නව නිර්මාණකරුවන් දිරිගැන්වීම උදෙසා පිහිටුවා ඇති රාජ්‍ය ආයතනයක් වන ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසම පාසල් නව නිර්මාණකරුවන් වෙනුවෙන් ජාත්‍යන්තර ෙදාරටු විවර කරලීමේ නවතම වැඩපිළිවෙලකට පියවර තබා ඇත. එහි එක් සංධිස්ථානයක් වශයෙන්  “Innova Minds 2016” පාසල් රූපවාහිනී වැඩසටහන හා සම්බන්ධවෙමින් ජාතික තලයට පැමිණි සිසුන් ජාත්‍යන්තර තරඟ සඳහා යොමු කිරීමට පියවර ගෙන ඇති අතර, සිසුන් සිවු Read More

විජය නන්දසිරි දිවිසැරිය නිමාකරයි!

සම්මානනීය අග්‍රගණ්‍ය ප‍්‍රවීණ රංගන ශිල්පී විජය නන්දසිරි මහතා අභාවප්‍රාප්ත වී තිබේ. අද(08) පෙරවරුවේ හදිසි රෝගාතුර තත්ත්වයක් හේතුවෙන් කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමේදී ඒ මහතා මිය ගිය බව පවුලේ ආරංචි මාර්ග සඳහන් කරයි. ඒ මහතාගේ දේහය මේ වන විට කළුබෝවිල ශික්ෂණ රෝහලේ තැන්පත් කර ඇති අතර 1947 මැයි 6 දින උපත ලැබූ ඒ මහතා මිය යන Read More

පොලිස් ලොක්කාගේ මැණික් ජාවාරම ගැන පරික්ෂණ

කැළණි ගගේ කොස්ගම ප්‍රදේශය ආශ්‍රිතව පොලිස් විශේෂ ඒකකයක ලොක්කෙකුගේ මෙහෙයවීමෙන් සිදු කෙරෙන මහා පරිමාණයේ මැණික් ගැරීමේ ජාවාරමක් සම්බන්ධයෙන් පොලිස් විශේෂ විමර්ශන ඒකකය පරික්ෂණයක් ආරම්භ කර ඇත. සීතාවක කොට්ඨාශය භාර පොලිස් ප්‍රධානියා සහ පොලිස් බුද්ධි අංශයක් වන විශේෂ ඒකකය විසින් එම මැණික් ජාවාරම සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානයට යැවූ රහස් වාර්තාවකට අනුව එම විමර්ශන ආරම්භ කර තිබේ. පොලිස් Read More

වැට් පනත 11නෑ…

ආණ්ඩුව ගෙන ආ වැට් පනත් කෙටුම්පත වෙනුවට නියමිත ක්‍රමවේදයන්ට අනුව සකස් කළ නව වැට් පනත් කෙටුම්පතක් හෙට (09දා) කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත බව  වාර්තා වේ. මීට පෙර ඉදිරිපත් කළ වැට් පනත් කෙටුම්පත සම්බන්ධයෙන් වන ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය හේතුවෙන් මෙලෙස නව වැට් පනත් කෙටුම්පතක් සකස් කර නිවැරදි කාර්ය පටිපාටියට අනුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ආණ්ඩුව තීරණය කර Read More

රැඳවියන් පිරිසක් උපවාසයකට සැරසෙයි

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගතව සිටින දෙමළ රැඳවියන් පිරිසක් උපවාසයක නිරතවිමට තීරණය කර ඇතැයි වාර්තා වේ. අද පෙරවරුවේ සිට ආහාර වර්ජනය කරමින් ඔවුන් මෙම උපවාසයේ නිරතවිමට තීරණය කර ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සදහන් කරයි. අනුරාධපුර බන්ධනාගාරයේ සහ කොළඹ මැගසින් බන්ධනාගාරයේ සිටින රැඳවියන් 99 දෙනෙකු පමණ මෙම උපවාසයට සහභාගීවීමට නියමිතය.

t

o

p