කෝප් කමිටුවේ කටයුතු මාධ්‍යයට විවෘත කිරිම සැප්තැම්බර් මාසය අවසානයේ

August 25, 2016

කෝප් කමිටුවේ කටයුතු මාධ්‍යයට විවෘත කිරිම සැප්තැම්බර් මාසය අවසානය වන විට කළ හැකි වෙතැයි කතානායක කරු ජයසූරිය මහතා පාර්ලිමේන්තුවේදි ඊයේ (24) විශ්වාසය පළ කළේය.
කෝප් කමිටුවේ කටයුතු මාධ්‍යයට විවෘත කරන ලෙස සභානායක ඇමති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කළ ප්‍රකාශයකට පිළිතුරු දෙමින් කතානායකවරයා මේ බව කීවේය.
කෝප් කමිටු සාමාජිකයෙකු නොවන ලක්ෂ්මන් කිරිඇල්ල මහතා එහි සිදුවන â මාධ්‍යයට ප්‍රකාශ කිරිමෙන් කමිටුවේ විමර්ශන කටයුතුවලට බාධා පැමිණ ඇති බවත් කෝප් කමිටු සභාපති සුනිල් හදුන්නෙත්ති මහතා නැගඣ ප්‍රශ්නයකට පිළිතුරු දෙන අතර ඇති වූ විවාදයකදි මේ බව හෙළි විය.
මහ බැංකු බැදුම්කර සිද්ධියට අදාළව මහ බැංකු නිලධාරින් කෝප් කමිටුව හමුවේ ලබාදී ඇති සාක්ෂි පරස්පර බවට කිරිඇල්ල මහතා මාධ්‍යයට පවසන බවද හදුන්නෙත්ති මන්ත්‍රීවරයා මෙහිදි ප්‍රකාශ කළේය. එවැනි ප්‍රකාශයක් කිරිමට ඇමතිවරයාට කිසිදු අයිතියක් නොමැති බවද මන්ත්‍රීවරයා කීවේය.
ඔව් මම එහෙම කිව්වා තමයි ඒ නිසා කෝප් එක මාධ්‍යයට විවෘත කරන්න ඒ ගැන පරස්පරතා තිබුණා සාක්ෂිවල. මම කිව්වා ඒක වැරදි නම් කතානාකතුමනි ඔබතුමා ඒ ගැන පරික්ෂණයක් කරන්න යැයි මෙහිදි ඇමතිවරයා ප්‍රකාශ කළේය.
විපක්ෂයේ ප්‍රධාන සංවිධායක – එහෙම පරික්ෂණයක් කරන්න කථානායකතුමාට තියෙන බලය මොකක්ද කියලා මට තේරෙන්නේ නැහැ. කෝප් එකේ ක්‍රියාදාමය අයිති එහි සභාපතිට
සභානායක – දැනට තියෙන ස්ථාවර නියෝග අනුව සභාපතිවට පුළුවන් මාධ්‍යය කැදවන්න…..
කථානායක – අපි ස්ථාවර නියෝග වෙනස් කරන්න යන්නේ. ටික දවසක් ඉවසන්න එතකොට මාධ්‍යයට විවෘත කරන්න පුළුවන්.

 

 

 

 

Sammy

Previous story Next story

Leave a comment

t

o

p