සාලාව කඳවුර පුපුර යාමෙන් ආපදාවට ලක්වූ අයට රජය නියම කළ සම්පූර්ණ වන්දි මුදල ලබාදෙන්න…

August 25, 2016

සාලාව කඳවුර පුපුර යාමෙන් හානි සිද්ධ වූ නිවාස හමුදාව පිළිසකර කළ පසු හානිය වෙනුවෙන් රජය නිවසට වෙන් කළ මුදල හමුදාව වැය කළ මුදලක් යැයි පවසා නිවෙස් හිමියට ලැබෙන වන්දිය අඩු කිරිම අසාධාරණ බව ඒකාබද්ධ විපක්ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (24) ප්‍රකාශ කළේය.
මෙම ආපදාවට ලක්ව නිවාස අහිමිවූවන්ට රජය නියම කළ සම්පූර්ණ වන්දි මුදල ලබාදිම ආණ්ඩුවේ වගකීම යැයිද මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.
ජනාධිපතිවරයා සහ අගමැතිවරයා සමඟ පැවැති සාකච්ඡාවට තමන්ද සහභාගී වූ බව කී ගුණවර්ධන මන්ත්‍රීවරයා එහිදි අදාළ නිවැසියන්ට මුළු වන්දි මුදලම ලබා දෙන ලෙසට පොරොන්දු වූ බවද කීවේය.
එසේ තිබියදී එම නිවැසියන්ට හිමි වන්දි මුදල් මෙලෙස කප්පාදු කිරිම කිසිසේත් සාධාරණ නොවන බවද ප්‍රකාශ කළේය.
ස්ථාවර නියෝග 23/2 යටතේ විශේෂ ප්‍රකාශයක් කරමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය. ඊට පිළිතුරු දුන් ආපදා කළමනාකරණ නියෝජ්‍ය ඇමති දුනේෂ් ගන්කන්ද මහතා කීවේ ඒ ගැන අගමැතිවරයාගේ අවධානයට යොමු කිරිමට බලාපොරොත්තු වන බවයි.
තවද නාය යෑම හේතුවෙන් නිවාස අහිමි වූ පුද්ගලයින් සඳහා නිවාස 1682 ක් ඉදිකරන බවද නියෝජ්‍ය ඇමතිවරයා තවදුරටත් ප්‍රකාශ කළේය

 

 

Sammy

Previous story Next story

Leave a comment

t

o

p